අඩි 6ට වඩා උස යනහැටි ක්‍රීඩා ඇමති කියයි

2927
0

අඩි 6කට වඩා උස යන ක්‍රම වේදයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන ජාතික ශුරතා වොලිබෝල් තරගාවලිය දින 3ක් පුරා පැවැත්වෙන්නේ මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේදී.

මෙවර තරගාවලියට කණ්ඩායම් 100ක් නියෝජනය කරමින් තරගකරුවන් 1200ක් පමණ එක්ව සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ලංකාව වැනි රටක අඩි 6ට වඩා උසින් වැඩි ක්‍රීඩකයින් සොයා ගැනීම අපහසු නොවන බවයි.

අවශ්‍ය වන්නේ කුඩා කල සිටම මෙරට පාසල් දරු දැරියන්ට හොඳ පෝෂණයක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Comments

comments

SHARE