ඩකා ඩයිනමයිට්ස්ට තවත් ජයක්

556
0

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හි ශ්‍රේරේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප‍්‍රසන්න කී‍්‍රඩා කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා 171 ක ඉලක්කයක් හඹාගිය රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම  ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 92 කට සීමා කිරීමට නායක සකීබ් අල් හසන් සහ ඞ්වේන් බ‍්‍රාවෝ ප‍්‍රමුඛ ඩයිනමයිට්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

සකීබ් අල් හසන් ලකුණු 17 කට කඩුලූ 2 ක්ද, ඞ්වේන් බ‍්‍රාවෝ ලකුණු 21 කට කඩුලූ 2 ක්ද දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත වූහ. සිය  ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් ලියෑම් ඬේව්සන්ගේ කඩුල්ල දවාගැනීමට සීක්කුගේ ප‍්‍රසන්න සමත් විය.

රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක නයීම් ඉස්ලාම් පන්දු 29 කදී හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් ලබා සිටියදී මොහොමඞ් ශහීඞ්ගේ පන්දුවකට කුමාර් සංගක්කාර අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ මොසද්දික් හුසේන් නොදැවී ලකුණු 48 ක් රැස්කළේ පන්දු 28 කිනි. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

මුලූ ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙහෙදි මරුෆ් (10) පිටියෙන් ඉවත් කිරීමට සොහාග් ගාසි සමත් වුවවත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කුමාර් සංගක්කාර (29) සහ නසිර් හුසේන් (38) සමත් වූහ.

සොහාග් ගාසිගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 27 කදී වාර්තා වූ කුමාර් සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ. නසිර් හුසේන් සිය ඉනිම හතරේ පහර 6 කින් සැරසීය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 5 කදී දැවැන්ත හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 13 ක් රැස් කළේය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 170
(කුමාර් සංගක්කාර 29, නසිර් හුසේන් 38, මොසද්දික් හුසේන් නොදැවී 48, සීක්කුගේ ප‍්‍රසන්න නොදැවී 13, සොහාග් ගාසි 31/2, සහීඞ් අෆ්රිඩි 22/2)

රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම –  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 92
(ලියෑම් ඬේව්සන් 16, නයීම් ඉස්ලාම් 26, සකීබ් අල් හසන් 17/2, ඞ්වේන් බ‍්‍රාවෝ 21/2)

Comments

comments

SHARE