ආසියානු සහයෝගීතා පාපන්දු ශූරතාව නේපාලයට

90
0

ආසියානු සහයෝගීතා කුසලාන පාපන්දු ශූරතාව නේපාලයට හිමි වෙයි. රටවල් 7ක සහභාගීත්වයෙන් පළමු වරට පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී මැකෝවා පිල ගෝල් 1-0කින් පරදා මේ ඓතිහාසික ජය සටහන් කිරීමට නේපාලය සමත් විය. මේ සමග නේපාලය පිට පිට තුන්වැනි වරටත් තරගාවලි තුනක ශූරතාව දිනා ගැනීමද විශේෂත්වයකි.

බංග්ලාදේශයේ පැවැති බංග බන්දු කුසලානය, ඉන්දියාවේ ගුවහාතී හී පැවැති දකුණු ආසියානු පාපන්දු ශූරතාව හා ඊයේ නිමාවූ මැලේසියාවේ ආසියානු සහයෝගීතා කුසලානය නේපාල ක්‍රීඩකයෝ දිනා ගැනීමට සමත් වූහ. දකුණු ආසියානු කළාපයෙන් පිට ආසියානු මට්ටමේ තරගාවලියකදී නේපාලය ජය ගැනීම විශාල දියුණුවක් බව විචාරක මතයවී තිබේ.

මැකාවෝ සමග තරගයේදී 29වැනි මිනිත්තුවේදී නේපාල මැද පෙළ ක්‍රීඩක සුජාල් ෂෙරෙස්ත්‍රා හිසෙන් එල්ල කළ පහර ගෝලයක් බවට පත්වූ අතර අනතුරුව දෙපිලම ආරක්ෂාකාරීවීමෙන් ගෝල් වාර්තා නොවුණි.

නේපාලය මේ තරගාවලියේදි ටිමෝරය සමග තරගය ගෝල් නොමැතිව ජය පරාජයෙන් තොරව නිමාකළ අතර බෲනායි සමග තරගය ගෝල් 3-0ක් ලෙස ජය ලැබීය. නේපාලය හා ලාඕසය අතර අවසන් පූර්ව තරගයේ ගෝල් 2-2ක් ලෙස සමවී දඩුවම් පහර 3-0ක් ලෙස ජය වාර්තා විය.

මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මැකෝවා පිලේ ලියැන්ග් කා හිමිකරගත් අතර වැඩිම ගෝල් වාර්තාකළ ක්‍රීඩකයාට හිමිවන ගෝල්ඩන් බූට් සම්මානය බෲනායි පිලේ ෂාසෙන් සෙයිඩ් දිනා ගත්තේය.

Comments

comments

SHARE