ජාතික හොකී කණ්ඩායම හොංකොං බලා යයි

101
0

ආසියානු හොකී සම්මේලනය 5 වැනි වරටත් පවත්වන ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං බලා පිටත්ව ගියා.

නොවැම්බර් 19දා සිට 27දා දක්වා හොංකොංහි කාවුලූන් නගරය කේන්ද්‍ර කරගනිමින් රටවල් 9ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, තායිලන්තය සහ උස්බෙකිස්තානය ‘බි’ කාණ්ඩය යටතේද, බංග්ලාදේශය, චීන තායිපේ, හොංකොං, මැකාවෝ සහ ඉන්දුනීසියාව ‘ඒ’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග බිමට පිවිසෙයි.

ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායමේ නායකයා ලෙස නලන්ත ද සිල්වා කටයුතු කරන අතර, උප නායකයා ලෙස එන්.ඩී.බි. දිසානායක සහාය වෙයි.

කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හොකී ව්‍යාපෘති නිලධාරිනී තමරා පරගොඩ ලියනගේ මහත්මිය කටයුතු කරන අතර, ජාතික හොකී පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා මෙම සංචාරයේද පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ජාත්‍යන්තර තරග 5ක තහනමකට ලක්ව සිටින ජාතික කණ්ඩායමේ හිටපු උප නායකයකු වන එම්.එම්. මුලාෆර් වසර දෙකකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ඔහුට එරෙහිව පනවා ඇති තරග තහනම අවසන් වීමට තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර, මෙම සංචාරයේ පළමු තරග 3න් අනතුරුව ඔහු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

ජාතික පිරිමි හොකී පිල
නලන්ත ද සිල්වා (නායක), එන්.ඩී.බි. දිසානායක (උප නායක), තුසිත් දර්ශන රත්නසිරි, එච්.පී.කේ. ධර්මරත්න, ඉසංක ජයසුන්දර, සඳරුවන් ප්‍රියලංකා, මධුරංග විජේසිංහ, ළහිරු ගිහාන් වීරසූරිය, දමිත් මධුසංඛ බණ්ඩාර, තරංග ගුණවර්ධන, ලක්ෂාන් නානායක්කාර, සී. අසංක වෙලගෙදර, අමිල දයාන් රත්නසිරි, ශමික ගුණවර්ධන, තරිඳු හේන්දෙණිය, පුෂ්පකුමාර හේන්දෙණිය, අනුරාධ සුරේෂ්, එම්.එම්. මුලාෆර් තමරා පරගොඩ ලියනගේ මිය (කළමනාකාරිණිය), අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා (පුහුණුකරු), පුලතිසි චාමික ලැනරෝල් මහතා (සහාය පුහුණුකරු), දාමින්දා අත්තනායක මිය (වෛද්‍ය නිලධාරිණී), අකිල දිනේෂ් ගමගේ (සම්භාහක)

unnamed-3

Comments

comments

SHARE