කෝලිගෙන් 50දී සීයක්

437
0

චේතශ්වර් පුජාරා (119) සහ විරාත් කෝලි (නොදැවී 151) ලබාගත් ශතක හමුවේ සාර්ථක ලකුණු සංඛ්‍යාවක්‌ එකතු කර ගත් ඉන්දියානු පිතිකරුවෝ එංගලන්තය සමග විශාකාපට්‌නම් හී පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 4 ක්‌ දැවී ලකුණු 317 ක්‌ ලබා සිටියේය.

ඉන්දියානු නායක විරාත් කෝලිගේ 50 වැනි ටෙස්‌ට්‌ තරගය ලෙස මෙය සටහන් වෙද්දී එම සංධිස්‌ථානය ශතකයකින් ඔපවත් කර ගැනීමට කෝලි සමත් විය. කෝලි ඊයේ දිනයේ ලබාගත්තේ ඔහුගේ 14 වැනි ටෙස්‌ට්‌ ශතකයයි.

ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 22 ක්‌ තුළදී ක්‍රීඩාගාරයට හරවා යෑවීමට ඡේම්ස්‌ ඇන්ඩර්සන් සමත් වුවත් තෙවැනි කඩුල්ලට කෝලි සහ පුජාරා ලකුනු 226 ක සබඳතාවක්‌ පැවැත්වූහ. එහිදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වු පුජාරා පන්දු 204 කදී හයේ පහර දෙකක්‌ සහ හතරේ පහර 12 ක්‌ සමග ලකුණු 119 ක්‌ ලබා ගත්තේය.

නොදැවී පිති ප්‍රහාරයේ යෙදෙමින් සිටින විරාත් කෝලි පන්දු 241 කදී හතරේ පහර 15 ක්‌ සමග ලකුණු 151 ක්‌ ලබා සිටියි. ඉන්දියානු කණ්‌ඩායමේ දැවී ගිය කඩුලු හතරෙන් තුනක්‌ම ඡේම්ස්‌ ඇන්ඩරසන්  විසින් ලකුණු 44 කට කඩුලු 3ක් බිඳ දමන ලදී.

Comments

comments

SHARE