ෆැෆ් ඩු ප්ලේසිට පන්දුව පලුදු කිරීමේ චෝදනාවක්

320
0

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ෆැෆ් ඩු ප්ලේසිස්ට පන්දුව පලුදු කිරීමේ චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ඒ විදෙස් මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වන රූප රාමු පෙළක් ප්‍රසිද්ධ කිරීමත් සමගයි.

මෙම රුප රාමු වල දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාව සමග හොර්බාට් හිදී පැවති ටෙස්ට් තරගයේදී ඩු ප්ලේසිස් පන්දුව පලුදු කරන ආකාරයයි.

එහිදී ෆැෆ් ඩු ප්ලේසි සිය ඇගිල්ලක් මුව තුලට දමා එහි ඛේටය තවරාගෙන පන්දුව පිරිමැදීම සිදු කරනවා.

එම අවස්ථාවේදී ඔහුගේ මුඛයේ බබල්ගම් එකක් තිබෙන අයුරුත් දක්නට ලැබෙනවා.

කෙසේ නමුත් මෙවැනි සිද්දියක් සම්බන්ධයෙන් තරග විනිසුරුවන් විසින් තරග තිරකවරයාට පැමිණිලි කර නැහැ.

නමුත් මෙම රූපරාමු පෙළ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කිරීමත් සමග ජගත් ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

ෆැෆ් ඩු ප්ලේසි මිට පෙරත් පන්දුව පලුදු කිරීමේ වරදකට දඩුවම් ලබා තිබෙනවා.

2013 වසරේ පකිස්ථානය සමග පැවති ටෙස්ට් තරගයකදීද ඔහුට මෙම චෝදනාව එල්ල වුනා.

එහිදී ඔහුට 50%ක දඩ මුදලක් පනවන්නට ICC ය පියවර ගත්තා.

Comments

comments

SHARE