තුන්කොන් සටනේ කොදෙව් – සිම්බාබ්වේ තරගය අද

92
0
Zimbabwean players celebrate after winning the T20 International cricket match against India at Harare Sports Club, Saturday, June, 18, 2016. The Indian cricket team is in Zimbabwe for One Day International and T20 matches. (AP Photo/Tsvangirayi Mukwazhi)

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය අද  බුලාවයෝ හීදි පැවැත්වේ.

සිම්බාබ්වේ කණ්‌ඩායම ශ්‍රී ලංකාව සමග පැවැති තරගය පරාජයට පත්වූ අතර කොදෙව්වන් ශ්‍රී ලංකාව පරාජය කරමින් අද තරගයට පිවිසෙයි. අද තරගයද ජය ගතහොත් බටහිර ඉන්දීය කොදෙව්වන් සටනකින් තොරවම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් තරගය සඳහා වැඩි අවස්‌ථාවක්‌ උදාකරගනු ලබයි.

මූලික වටයේදී එක්‌ කණ්‌ඩායමක්‌ ප්‍රතිවාදීන් සමග තරග දෙකකට සහභාගි වන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්‌ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ප්‍රසාද ලකුණු පහ බැගින් ලබා තිබුණද දළ ලකුණු වේගය මත කොදෙව්වන් ඉදිරියෙන් පසුවේ.

සිම්බාබ්වේ කණ්‌ඩායම අද තරගයද පරාජය වුවහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් ඊළග වටයේදී අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු වේ. ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 21 වැනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන අතර අනෙක්‌ තරගය ලබන 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වේ. අවසන් මහා තරගය ලබන 27 වැනිදා බුලාවයෝහිදී පැවැත්වේ.

Comments

comments

SHARE