මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ධුරය මහේලට

267
0

IPL 2017 තරගවාරයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මහේල ජයවර්ධන තෝරාගෙන තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ රිකී පොංටිංගේ සේවා කාලය අවසන් වීමත් සමගයි.

පොංටිං වසර දෙකක කාලයක් මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කලා.

මහේල IPL තරග ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ 3කට ක්‍රීඩාකර තිබෙනවා.

ඒ කිංග්ස් ඉලවෙන් පන්ජාබ්,කොචී ටස්කර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් යන කණ්ඩායමේ වලටයි.

2015 වසරේදී ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු මහේල ලොව වටා T20 ලීග් තරගාවලි සදහා සහභාගී වුනා.

මේ වනවිටත් මහේල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරනවා.

කෙසේ නමුත් මහේල පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පලමු අවස්තාව මෙයයි.

Comments

comments

SHARE