තුරඟ තරඟ පිටියේදී යුධ හමුදාවට මහනුවරින් ප්‍රහාරයක්

71
0
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුධ හමුදා කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් ලබන්නට මහනුවර කණ්ඩායම සමත්වුනා.
මෙම තරගය පැවැත්වුනේ කොළඹ තුරඟ තරඟ රග්බි පිටියේදී.
පසුගිය සතියේදී ගුවන් හමුදා කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් මහනුවර ක්‍රීඩකයින් මෙම තරගයට එක්වුණේ එම ගිලිහී ගිය අභිමානය යලි තහවුරුකරගැනීමේ අරමුණ ඇතිවයි.
මේ නිසා තරගය ආරම්භයේ පටන්නම යුධ හමුදා ක්‍රීඩකයින්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට මහනුවර ක්‍රීඩකයින් පියවර ගත්තා.
ඔවුන් පළමු අර්ධය අවසන් කලේ ලකුණු 24 – 03ක් ලෙස තරගයේ පාලනය සියතට ගනිමින්.
දෙවන අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් සැහැල්ලු තරග රටාවක් අනුගමනය කළා.
එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 10ක් ලබා ගනිද්දී යුධ හමුදා ක්‍රීඩකයින් ලබා ගත්තේ ලකුණු 07ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ලකුණු 34 – 10ක් ලෙස ජය ගන්නට මහනුවර කණ්ඩායමට හැකිවුනා.
ගෝල දිනුම් 2ක් උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් මගින් ඔවුන් සිය ලකුණු 34 රැස් කළා.
යුධ හමුදා කණ්ඩායම සිය ලකුණු ලබා ගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්.

Comments

comments

SHARE