පෙරලිකාරයින්ට තවත් ජයක්

65
0
මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත්ව සිටින ගුවන් හමුදා කණ්ඩායම ඊයේ දිනයේ තවත් ජයග්‍රහණයක් ලබා ගත්තා.
ඒ බම්බලපිටිය පොලිස් පාර්ක් ක්‍රීඩාංගනයේදී පොලිස් කණ්ඩායම පරාජය කරමින්.
ගුවන් හමුදාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 22 – 12ක් ලෙසින්.
දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කල ගුවන් හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධය නිමාවන විට ලකුණු 09 – 00ක් ලෙස පෙරමුණේ පසුවුණා.
දෙවන අර්ධයේදී වේගවත් තරග රටාවකට අවතීර්ණ වුනු ගුවන් හමුදා ක්‍රීඩකයින් එම අර්ධයේදී තවත් ලකුණු 13ක් ලබා ගත්තා.
එම අර්ධයේදී පොලිස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 12ක් පමණයි.
කෙසේ නමුත් පළමු අර්ධයේ වාසිය ගුවන් හමුදාව සතු වූ නිසා ඔවුන් මෙම තරගය පහසුවෙන් ජය ගත්තා.
ගෝල දිනුමක් සහ දඬුවම් පහර 5ක් මගින් ගුවන් හමුදා ක්‍රීඩකයින් සිය ලකුණු 22ක රැස්කළා

Comments

comments

SHARE