තරගයේ පාලනය ඉන්දියාවට

49
0
India's captain Virat Kohli plays a shot during the third day of the second Test cricket match between India and England at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Vishakhapatnam on November 19, 2016. / AFP PHOTO / PRAKASH SINGH / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තවත් කඩුලූ 7 ක් අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 298 ක් ඉදිරියෙන් සිටියි. තරගය නතර කරන විට නායක විරාට් කෝලි හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක්ද, අජින්ක්‍යා රහනේ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුන සම්බන්ධතාව ලකුණු 58 කි.

මුලූ ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් විය.

බ්‍රෝඞ්ගේ පන්දු හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් මුරලි විජේ ලකුණු 3 කට දැවීගිය අතර ලකුණු 10 ක් ලබා සිටි ලෝකේෂ් රාහුල් දැවී ගියේ කඩුලූ රකින කී‍්‍රඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමිනි.

ඉන්දීය පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් චෙතේෂ්වර් පුජාරාට දෙවැනි ඉනිමේදී සාර්ථක වීමට කිසිදු ඉඩක් නොලැබුණ අතර ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ඔහුට ලබාගත හැකිව තිබුණේ එක් ලකුණක් පමණි.

දෙවන දිනයට තරගය නතර කරන විට ලකුණු 105 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව තිබූ එංගලන්ත පළමු ඉනිමට නව ජවයක් ගෙන දුන් බෙන් ස්ටොක්ස් (70) සහ ජොනී බෙයාස්ට්‍රෝ (53) අද දිනයේදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

මුලූ ලකුණු සංඛ්‍යාව 190 ක් වන විට එම සම්බන්ධතාවය බිඳ දමමින් ජොනී බෙයාස්ට්‍රෝ පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් විය. එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 35 ක් එක්වන විට රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බෙන් ස්ටොක්ස්ද දැවී ගියේය. ස්ටොක්ස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක්ද, බෙයාස්ට්‍රෝගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක්ද ඇතුළත් විය.

ඔවුන්ගේ දැවීයාම් වලින් අනතුරුව එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ආදිල් රෂීඞ් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 32 ක් ලබා එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලූ 2 පිට පිට පන්දු 2 කදී දවාගැනීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වූ අතර ඒ සමගින් ලකුණු 67 කට ඔහු දවාගත් කඩුලූ සංඛ්‍යාව 5 ක් විය.

ඉන්දීය පළමු ඉනිම – සියලූ දෙනා දැවී 455

(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 255

(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)

ඉන්දීය දෙවැනි ඉනිම – කඩුලූ 3 ක් දැවී 98

(විරාත්  කෝලි නොදැවී 56, අජින්ක්‍යා රහනේ නොදැවී 22, ස්ටුවට් බ්‍රෝඞ් 6/2)

Comments

comments

SHARE