අපි නොදන්න ටෙනිස්‌ කෙල්ලෝ

206
0

ගැහැණුත් හරි හරියට ටෙනිස්‌ ගැහීම ටෙනිස්‌ ලෝකෙ පුරා ප්‍රසිද්ධ වීමට එක ප්‍රධාන හේතුවක්‌ වේ. ජීවිතේට ටෙනිස්‌ තරඟයක්‌a හැබැහින් දැකල නැති අපි මේකට මෙතරම් සමීප, නිතර දෙවේලෙ ජන මාධ්‍යයෙන් සෙරීනව, ෂරපෝවව, කර්බර්ව පෙන්වන නිසා යෑයි වරෙක සිතේ. අනෙක්‌ අතට මාධ්‍ය පැත්තෙන් බැලුවම ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ මනරම් පිතිකරණය හඹා යන ‘පිරිමි’ කැමරා ඇස ටෙනිස්‌වලදී නම් නිතරම නාභිගත වෙන්නේ ‘ලස්‌සන’ ටෙනිස්‌ කෙල්ලන්ගේ හදිසියේ ඇරුනු ලැම දිහාට, නැතිනම් උඩ ගිය සාය දිහාට. එය ලෝක මාධ්‍ය ප්‍රවණතාවක්‌.

නමුත් අපි සති ගණනාවක්‌ මේ ඉඩේ කතා කළ ආකාරයට පිට පළාත්වල සාමාන්‍ය මිනිස්‌සුත් දැන් දැන් ටෙනිස්‌ ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වීමට පටන්ගෙන ඇති නිසා පිරිමි ළමුන් වගේම 50% ක්‌ විතර අපේ කුඩා දැරිවියන් ද මෙසේa පිති අතට අරන් සටනට පිවිස තියෙනව. ඉතින් එයාල හරියට දැනගත යුතුයි ලංකාවේ කාන්තාවො කොහොමද ටෙනිස්‌ පටන් ගත්තෙ, කොහොමද මෙච්චර දුරක්‌ ආවෙ කියල. ලංකාවෙ කාන්තා ටෙනිස්‌ ඉතිහාසය එහි පිරිමි ඉතිහාසය තරම්ම පරණයි, විචිත්‍රවත් ඒ වගේම එය දිරිමත් වීර චරිතවලින් ද පිරී තිබේ.

එදවස සීතල නුවරඑළියේදී පැවැත්වුණු ලංකා ටෙනිස්‌ ජාතික ශූරතාවයට කාන්තා ඉසව් එකතු වන්නේ පිරිමි ඉසව් ඇරඹී සිව් වසරකට පසු, එනම් 1888 දීය. මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය හාම්පුතුන්ගේ බිරින්දෑවරු දිග සායවල් හැඳ ටෙනිස්‌ ගැසූ එකල මෙරට කතුන් බලා සිටියා මිස තරඟ කළේ නැත. නේද්‍රd ඔබේසේකර ද සේරම් නම් දේශීය කාන්තාව 1934 දී මුල්වරට ජාතික ශූරතාව දිනන තුරු එකී කුසලානය යුරෝපීය කාන්තා හස්‌තයක්‌ මත සෑම වසරකම රැඳී තිබුණි. ජී. ඩී. එච්. ඇල්ස්‌ටන් ඔවුන් අතර ප්‍රමුඛ වීය. බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ ඉගෙනගත් නේද්‍රd ද සේරම් මෙරට කාන්තා ටෙනිස්‌ පිළිබඳ සිය ලිපියක මෙසේ පවසා ඇත.

”නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු මා එකල විහාර මහා දේවි උද්‍යානයේ පිහිටා තිබූ කොළඹ ලෝන් ටෙනිස්‌ ක්‍රීඩා සමාජ පිටියේ ක්‍රීඩා කිරීමට නිතර ගියෙමි. එකල සාමාන්‍යයෙන් හැමෝම ඇඳ සිටි දිග මේස්‌ (ස්‌ටොකින්ග්ස්‌) වෙනුවට සාමාන්‍ය මේස්‌ යුගලක්‌ පැළඳ ක්‍රීඩා කළ පළමුවැනියා මා විය. මේ ඇඳුම එම ක්‍රීඩා සමාජයේ එකල යම් කලබගෑනියක්‌ ඇති කිරීමට හේතු විය.”

මෙකී ‘කෙටි මේස්‌’ යුගයේ සම්ප්‍රාප්aතියත් සමඟ දේශීය කාන්තා ටෙනිස්‌ හි එදා මෙදා තුර සිටි ප්‍රබලතම ශූරිය බිහිවන්නේය. ඇය, කෙසඟ, උස, උපැස්‌ යුවලක්‌ පැළඳි පිටිය පුරා තම අණසක පැතිරූ ඩොරීන්a සන්සෝනි නම් වුණි. කේවල ජාතික ශූරතා හතක්‌ දිනූ ඈ 1935 සිට 1940 දක්‌වා පිට පිටම හය වරක්‌ ශ්‍රී ලංකා ජාතික ශූරිය බවට පත් වූවා පමණක්‌ නොව 40 දශකයේදී සමස්‌ත ඉන්දියානු ශූරතාවත් මලයාසියා ජාතික ශූරතාවත් ජයග්‍රහණය කිරීමට තරම් දක්‌ෂයකු විනි. ඩොරීන්ගෙන් පසු මෙරට ජාතික ටෙනිස්‌ කිරුළ අත්වන්නේ ශීලා රොබර්ට්‌ස්‌ නම් යුවතියටයි.

නිදහසෙන් පසු ගතවන දශක තුන මෙරට ටෙනිස්‌ ක්‍රීඩාවේ කාන්තා අංශයේ ප්‍රබල නම් තුනක මතුව ඒaaම අත්විඳිති. ඒ අය නම් රන්ජනී ජයසූරිය, ශ්‍රියා ගුණරත්න හා මනීෂා පෙරේරාය. මෙයින්a රන්ජනී හා ශ්‍රියා ආසියානු ක්‍රීඩා තරඟාවලියේ පදක්‌කම් දිනා ගන්නා අතර, බ්‍රිතාන්‍ය කතුන්ගේ බැහැර වීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ශූරතාව සඳහාම මෙරටට පැමිණුනු ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවන්ගේ ප්‍රබල සටන්කාමීත්වය හමුවේ ඔවුන් මෙරට ධජය එසවීමට ගනු ලැබූ උත්සාහය දේශීය ටෙනිස්‌ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක්‌ සනිටුqහන් කරයි.

අසූව දශකය වන විට ඉපැරණි ලී ටෙනිස්‌ පිති වෙනුවට වඩා ශක්‌තිමත් හා සැහැල්ලු ලෝහ ආදී පිති ආදේශ වද්දී කාන්තා ටෙනිස්‌a ඇඳුමද වඩ වඩා කෙටි වන්නට විය. ඒ පැමිණියේ සුප්‍රකට මාටිනා නවරතිලෝවා හා ස්‌ටෙෆි ග්‍රාෆ් ලෝක ආධිපත්‍ය දැරූ සමයය. කෙටි සායෙන් සැරසුනු ලිහිණි වීරසූරිය අසූව දශකය මෙරට දී වර්ණවත් කළ අතර ඇගේ ඇවෑමෙන් ජාතික ශූරතාවය හිමි වූයේ කුමාර් සංගක්‌කාරගේ අක්‌කා වන සාරංගාටය. 1992 සිට 1996 දක්‌වා වසර පහක්‌ ශ්‍රී ලංකා ජාතික ටෙනිස්‌ ශූරිය වූයේ සාරංගා සංගක්‌කාරයි.

මේ, සාරංගාගේ යුගයේ මෙරට කාන්තා ටෙනිස්‌ සම්බන්ධ නව පිටක්‌ පෙරැළේa. එනම් ඔවුන් ප්‍රථම වරට කාන්තා ටෙනිස්‌ වාර්ෂික ලෝක කුසලානය වන ෆෙඩ් කප්’ නියෝජනය ආරම්භ කිරීමයි.

පසුගිය අවුරුදු දහය, පහළව කාන්තා ටෙනිස්‌ තරගකාරිත්වය ඉහළ ගිය යුගයක්‌ වුණි. වයස දහයෙන් පහළ නවතම ටෙනිස්‌ වැඩසටහනක්‌ රට පුරා බොහෝ පාසල් වල ක්‍රියාත්මක වීම හේතුවෙන් කුඩා වයස්‌ කාණ්‌ඩ වල පිට පළාත් නියෝජනය වැඩි විය. නමුත් අවාසනාවකට ජාතික ශූරතාවට යන ගමන සඳහා තවමත් අධික මුදලක්‌ හා සුවිශේෂී, මිලාධික වෘත්තීමය පුහුණුවක්‌ අවැසි බැවින් ඉහළට යන විට ගමෙන් එන එකියන් හැළී යාම සුලබ දසුනකි. මේ වටපිටාව මෙසේ පවතිද්දී ජිත්මී ජයවික්‍රම හා අම්රිතා මුත්තයියා පහුගිය දස වසේ මෙරට කාන්තා ටෙනිස්‌ රජ කළෝය. 2009 වසරේ සිට පුරා වසර හයක්‌ ජාතික ශූරිය වීමට කොළඹ සුපිරි පාසලකින් මතුව ආ අම්රිතා හට හැකි වීය.

ශ්‍රී ලංකාව තුළ පිරිපුන් ටෙනිස්‌ ජාතික ශූරියක්‌ වීමට වළිකන ඕනෑම දැරියකට අද දින මූණ පෑමට සිදුවන අභියෝග දෙකකි. පළමුවැන්න නම් සල්ලි, “කඩ්ඩ” හා ධනපති ආරට එරෙහිව උඩුගං බලා දිවීමට තිබෙන හටන වන අතර අනෙක්‌ අභියෝගය මොන පංතියේ කාන්තාවටත් එක සමානය. එනම් තම ක්‍රීඩා විලාශයට වඩා “ශරීර විලාශය” දෙස මාන බලන “පිරිමි ඇස” නම් බාධකය පෙරළා දමමින් තමා අදිටන් කරගත් ස්‌වර්ණමය එල්ලය වෙත අභීතව, එක එල්ලේ ගමන් කිරීමේ අභියෝගයයි. අද ටෙනිස්‌ ගැසීමට එන කෙල්ලන් මේ ගැන සිතිය යුතුය.

රේවත එස්‌. සිල්වා

Comments

comments

SHARE