තරගයේ පාලනය ඉන්දියාවට

158
0
England's captain Alastair Cook plays a shot on the fifth day of the first Test cricket match between India and England at the Saurashtra Cricket Association stadium in Rajkot on November 13, 2016. ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / AFP PHOTO / INDRANIL MUKHERJEE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE-----

ඉන්දීය කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 318 ක් පසුපසින් සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හඹායන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (54) සහ හසීබ් හමීඞ් (25) සමත් වූහ.

රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඇලිස්ටෙයාර් කුක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබූ අතර රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට හසීබ් හමීඞ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම ඊයේ දිනයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 106 ක් එක් කරගත්තේය.

නායක විරාත් කෝලි (81) සහ අජින්ක්‍යා රහනේ (26) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77 කට සීමා කිරීමට සමත් වූ ස්ටුවට් බ්‍රෝඞ්, දිනයේ පළමු කඩුල්ල ලෙස අජින්ක්‍යා රහනේ පිටියෙන් ඉවත් කළේය.

ඉන් නොනැවතුන බ්‍රෝඞ්, රහනේගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රවිචන්ද්‍රන් අශ්වින්ගේ ඉනිමද ලකුණු 7 කට සීමා කිරීමට සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් අශ්වින් දැවී ගියේය.

එතැන් සිට ලකුණු 35 ක් තුළ රිදිමන් සාහා (2), විරාත්  කෝලි, රවින්ද්‍ර ජදේජා (14) සහ උමේෂ් යාදව් (0) දවාගනිමින් ඉන්දීය ඉනිමේ පසුපෙළ සුනුවිසුණු කර දැමීමට ආදිල් රෂීඞ් සමත් විය. බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට විරාට් කෝලිගේ ඉනිමට හතරේ පහර 8 ක් අන්තර්ගත වී තිබිණ.

කෙසේ වුවත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ ජයන්ත් යාදව් (නොදැවී 27) සහ මොහොමඞ් සාමි (19) ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා ඔසවා තැබූහ. ජයන්ත් යාදව්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර මොහොමඞ් සාමිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

මුයින් අලීගේ පන්දුවක් හමුවේ ජොනි බෙයාස්ට්‍රොගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් මොහොමඞ් සාමි දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 455

(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 255

(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)

ඉන්දීය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 204

(විරාත්  කෝලි 81, අජින්ක්‍යා රහනේ 26, ජයන්ත් යාදව් නොදැවී 27, මොහොමඞ් සාමි 19, ස්ටුවට් බ්‍රෝඞ් 33/4, ආදිල් රෂීඞ් 82/4)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 87

(ඇලිස්ටෙයාර් කුක් 54, හසීබ් හමීඞ් 25)

Comments

comments

SHARE