නවසීලන්තයට කඩුලු 8 ක ජයක්

338
0
CHRISTCHURCH, NEW ZEALAND - NOVEMBER 20: Jeet Raval of New Zealand leaves the field after day four of the First Test between New Zealand and Pakistan at Hagley Oval on November 20, 2016 in Christchurch, New Zealand. (Photo by Martin Hunter/Getty Images)

තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම ඉන් ජය ලැබීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූ අතර හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 77 කදී ලකුණු 61 රැස්කළ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹායෑමේ අරමුණින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 19 දී බිඳ වැටිණ. එහිදී මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ සාමි අස්ලම් අතට උඩ පන්දුවක් දෙමින් ටොම් ලේතම් ලකුණු 9 කට දැවී ගියේය.
කෙසේ වුවත් ජීත් රාවල් (නොදැවී 36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සිව්වන දිනයට  ආරම්භකරනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 129 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට ඊයේ  දිනයේදී සිය ලකුණු පුවරුවට අලුතින් එක්කරගත හැකිවූයේ තවත් ලකුණු 42 ක් පමණි.

ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කොලින් ඩී ග්‍රැන්ඩෝම් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 40 ක් ලබා සිටි සොහේල් ඛාන් දැවීගිය අතර ඒ වන විට ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නීල් වෝග්නර් ලකුණු 17 ක් ලබා සිටි අසාද් සෆීක් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් සෆීක් දැවී ගියේය.

පාකිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි රාහට් අලීටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ කඩ නොලැබුණ අතර ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
දක්ෂ පන්දුයැවීමක නිතර වූ නීල් වෝග්නර්, ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

පාකිස්තාන පළමු ඉනිම – ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 133
(සාමි අස්ලම් 19, අසාර් අලී 15, මිස්බා උල් හක් 31, අසාද් සෆීක් 16, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 41/6, ටිම් සවුති 20/2, ටේ‍රන්ට් බෝල්ට් 39/2)

නවසීලන්ත පළමු ඉනිම – ඕවර 59.5 කදී සියලු දෙනා දැවී 200
(ජීත් රාවල් 55, හෙන්රි නිකොල්ස් 30, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 29, බී. ජේ. වෙට්ලින් 18, ටිම් සවුති 22, නීල් වෝග්නර් 21, රාහට් අලී 62/4, මොහොමඞ් අමීර් 43/3, සොහේල් ඛාන් 78/3)

පාකිස්තාන දෙවැනි ඉනිම – ඕවර 78.4 කදී සියලු දෙනා දැවී 171  
(අසාර් අලී 31, බාබර් අසාම් 29, සොහේල් ඛාන් 40, අසාද් සෆීක් 17, නීල් වෝග්නර් 34/3, ටේ‍රන්ට් බෝල්ට් 37/3, ටිම් සවුති 53/2)

නවසීලන්ත දෙවැනි ඉනිම – ඕවර 31.3 කදී කඩුලු 2 ක් දැවී 108      
(ජීත් රාවල් නොදැවී 36, කේන් විලියම්සන් 61)

Comments

comments

SHARE