ඉන්දියාව පෙරමුණ ගනී

192
0

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 246 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 158 කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ. සිව්වන දිනයට තරගය නතර කරනවිට  කඩුලූ 2 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි එංගලන්ත  කණ්ඩායමට අවසන් දිනයේදී   සිය ලකුණු පුවරුවට එක්කරගත හැකිවූයේ තවත් ලකුණු 71 ක් පමණි..දිනයේ පළමු කඩුල්ල ලෙස රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ඩුකෙට් ලකුණු නොලබා දැවී ගියේය.

ඉන් පසුව පිටියට පිවිසි මොයින් අලීටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටිමට ඉඩ කඩ නොලැබුණ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.ලකුණු 6 ක් ලබා සිටි බෙන් ස්ටොක්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට ජයන්ත් යාදව් සමත් වූ අතර එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ජොනී බෙයාස්ට්‍රෝ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කිරීමට සමත් විය.

මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඞ් ලකුණු 4 කට දැවීගිය අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සෆාර් අන්සාරිට ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරය වෙත යෑමට සිදුවිය.පිට පිට යැවූ පන්දු දෙකකදී එංගන්ත ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ ස්ටුවට් බ්‍රෝඞ් (5) සහ ජේම්ස් ඇන්ඩසන් (0) පිටියෙන් ඉවත් කළ ජයන්ත් යාදව් ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

ඉන්දීය පළමු ඉනිම – සියලූ දෙනා දැවී 455
(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 255
(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)

ඉන්දීය දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 204
(විරාට් කෝලි 81, අජින්ක්‍යා රහනේ 26, ජයන්ත් යාදව් නොදැවී 27, මොහොමඞ් සාමි 19, ස්ටුවට් බ්‍රෝඞ් 33/4, ආදිල් රෂීඞ් 82/4)

එංගලන්ත දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 158  
(ඇලිස්ටෙයාර් කුක් 54, හසීබ් හමීඞ් 25, ජෝ රූට් 25, ජොනී බෙයාස්ට්‍රෝ 34, ජයන්ත් යාදව් 30/3, රවිචන්ද්‍රන් අෂ්වින් 52/3, මොහොමඞ් සාමි 30/2, රවින්ද්‍ර ජදේජා 35/2)

Comments

comments

SHARE