සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරගය වැස්සට සේදියි

404
0
Groundstaff cover the ground with a tarpaulin after rain delayed the fourth tri-nation One Day International (ODI) cricket match between Zimbabwe and West Indies at Queens Sports Club in Bulawayo on November 21, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර බුලවායෝහිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවිය.

තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිවිය.

වරින් වර වර්ෂාව ඇද හැලුණු අතර වර්ෂාව නැවතීමෙන් පසු ක්‍රීඩාංගණයේ සේවකයින් ඉක්මනින් ජලය ඉවත් කිරීමේ කටයුතු සිදුකළද, හතරේ සීමාව ආසන්නයේ තෙත බරිත ස්භාවයෙන් යුක්ත වීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවන් වන මයිකල් ගෆ් සහ ලැන්ටන් රුසෙරී තීරණය කළහ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 55 ක් රැස්කිරීමට සිම්බාබ්වේ පිල සමත් විය.
දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ලකුණු 11 ක් ලබාසිටි බ්‍රයන් චාරී දවාගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වීමත් සමගින් සිම්බාබ්වේ පිලේ ලකුණු පුවරුව කඩුලු 2 ක් දැවී ලකුණු 41 ක් ලෙස සටහන් විය.

සිම්බාබ්වේ පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8 ක් ලබා සිටි චාමු චිබාබා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් දවාගැනීමට නුවන් කුළසේකර සමත් විය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

Comments

comments

SHARE