‘මැච් ෆික්‌සින්’ අල්ලන්න අලුත් වැඩක්‌

240
0

විනය ඉක්‌මවා හැසිරීම, තහනම් ඖෂධ භාවිතය ක්‍රීඩාවේ වැදගත් භාවයට හානි කරනවා සේම මුදලට තරග පාවාදීමෙන් ද ක්‍රීඩාවේ ජීව ගුණය වැනසී යැමට සෘජුවම බලපෑම් එල්ල කරනු ලබයි. එනිසාම ඒ සඳහා වගකිව යුතු අංශ ඒ පිළිබඳව ලබාදෙන්නේ දැඩි අවධානයකි. එසේ ලබාදෙන දැඩි අවධානයන් අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය නවතම වැඩකට අත ගසා තිබේ.

ක්‍රීඩකයන් විසින් අන්තර්ජාල භාවිතා කරමින් පවත්වාගෙන යනු ඇතැයි කියන සංවාද, ලිපි හුවමාරුවීම් පිළිබඳ තොරතුරු බාගත (ඩවුන්ලෝඩ්) කර ගනිමින් එම ක්‍රීඩකයන් තරග පාවාදීම් වලට සැබැවින්ම දායකත්වයක්‌ ලබා දෙන්නේද යන්න ඒ හරහා පහසුවෙන්ම සොයා ගත හැකිවනු ලබන බවත් ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ විශ්වාසය බවට පත්වී තිබෙන බැවින් එම හැකියාව පිළිබඳව ඔවුහු අවධානය යොමු කොට තිබේ.

තරග පාවාදීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ බුකීකරුවන් අතර සිදුවනු ඇතැයි කියනු ලබන සම්බන්ධතා සියල්ල සමාජ ජාල මාධ්‍යයන් ඔස්‌සේ සිදුකරන බවට තොරතුරු ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය වෙත ලැබී තිබෙන මෙම බාගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. සෑම ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකුටම මෙය පොදු නොවන නමුත් තරග පාවාදීම් වලට සම්බන්ධ යෑයි සැක කෙරෙන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ පමණක්‌ මෙලෙස තොතුරු බාගත කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව කියෑවේ.

තරග පාවාදීම් අතීතයේ සිටම සිදුවූ බව කියෑවුණත් ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධව තරග පාවාදීම් කරළියට පිවිසීමේ අනූව අග භාගයේ සිටය. දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායකයකු වන හැන්සි කොන්යේ තරග පාවාදීම් සම්බන්ධව වරදකරුවකුවීම එවකට මහත් ප්‍රසිද්ධියක්‌ ලැබුණු පුවතක්‌ වූ අතර අවසානයේ ඔහුට තම ජීවිතයෙන් ද එයට වන්දි ගෙවීමට සිදුවිය. එම සිදුවීමෙන් පසුවද මුදලට තරග පාවාදීම් සම්බන්ධව වැරදිකරුවන් බවට පත්වෙමින් ක්‍රීඩකයන් මෙන්ම විනිසුරුවරුන්ද දඬුවම් විඳීම් වලට ලක්‌වූහ.

තරග පාවාදීම් විධි කීපයකි. තරගයේ ප්‍රථිඵලය වෙනස්‌ කිරීම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඉන් ප්‍රධාන වන නමුත්, එය මේ වන විට යල් පැන ගිය තරග පාවාදීමක්‌ ලෙස ‘හං ගැසී’ තිබේ. එම නිසාම තරග පාවාදීමට ක්‍රීඩකයන් පොළඹවා ගැනීමට වෙර දරන බුකීකරුවන් ඒ පිළිබඳ අවධානයක්‌ ලබා දෙන්නේ නැති තරම්ය. මෙහි අලුත්ම සෙල්ලම වන්නේ ස්‌පොට්‌ µsක්‌සිං ය. බැලූ බැල්මට මෙය තරගයේ ප්‍රථිඵලයට හානි දායක නොවුණත් තරගයක්‌ පැවැත්වෙන ස්‌වභාවික තත්ත්වයට තරමක්‌ පරිබාහිර වන වෙනස්‌කම් සඳහා ඔට්‌ටු තබමින් මුදල් ඉපයීම මෙම ස්‌පොට්‌ µsක්‌සිං හි සෙල්ලම වේ.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනු සහ සංවාද බහුතරයක්‌, ෙµaස්‌බුක්‌, ස්‌කයිප්, වට්‌ස්‌අප් සහ වයිබර් වැනි සමාජ ජාල වෙබ් අඩෙවි හරහා සිදුකරන බැවින් ඒ පිළිබඳ වූ තොරතුරු අනාවරණය කර ගැනීම ඉතාම සංකීර්ණ කාරණයක්‌වී තිබෙන බවයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට අනුබද්ධ දූෂණ විරෝධී ඒකකය විසින් මෙම තොරතුරු බාගත කර ගැනීමට අදාළව ගෙන තිබෙන යෝජනාව ලබාදී තිබේ.

මුදලට තරග පාවාදීම් යනු බරපතළ අපරාධයක්‌ බැවින් ඒ පිළිබඳ නීතියක්‌ සම්මත කරන ලද පළමු ක්‍රිකට්‌ ක්‍රීඩා කරන රට ලෙස නවසීලන්තය ඉතිහාසගත වී තිබේ. ඒ සඳහා වන නීතියක්‌ මීට වසර කීපයකට පෙර නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අතර ඒ අනුව එවැනි චෝදනාවකට වරදකරුවකු බවට පත්වන ඕනෑම අයෙකුට වසර 7 ක උපරිමයකට යටත් වන සිර දඬුවමක්‌ විඳීමට ප්‍රතිපාදන සලසා තිබේ. මේ පිළිබඳව නවසීලන්තයේ ක්‍රීඩා අමාත්‍ය මරේ මැකලි මහතා ඒ සඳහා වන වැඩි මෙහෙයක්‌ සිදුකළ පුද්ගලයා බවද එරට මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ.

Comments

comments

SHARE