උස්‌බෙකිස්‌තානය පරාජය කළ ශ්‍රී ලංකා හොකී ක්‍රීඩකයෝ අද සිංගප්පූරුව හමුවෙති

75
0

පස්‌වැනි වරටත් ක්‍රියාත්මක ආසියානු හොකී තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සමාරම්භක තරගය ලෙසින් උස්‌බෙකිස්‌තානය සමග පැවැති තරගයෙන් ගෝල 7-2 ක පහසු ජයක්‌ වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ සමත්වූහ.

බී කාණ්‌ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගයේ පළමු භාගය අවසන් වන විටත් ගෝල 3-1 ක්‌ ලෙස පෙරමුණේ පසුවීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ප්‍රියන්කර සඳරුවන් සමත්වූ අතර එය තරග ඇරැඹීමෙන් පසු ගෙවී ගිය 14 වැනි මිනිත්තුවේදී වාර්තා විය.

ආක්‍රමණකාරී ක්‍රීඩා විලාශයකින් තරග වැදි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දෙවැනි භාගය වූ 51 හා වැනි 61 වැනි මිනිත්තුවලදී තවත් ගෝල 2 ක්‌ එකතුවීමට ප්‍රථම 15 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල 2 ක්‌ වාර්තා කිරීමට ශාමික ගුණවර්ධන සමත්වූවේය.

ඊට අමතරව දිනේෂ් විඡේසිංහ සහ ළහිරු පන්ති ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවෙන් ගෝල වාර්තා කරන ලද සෙසු ක්‍රීඩකයන් බවට පත්විය

උස්‌බෙක්‌ස්‌තාන් පිල වෙනුවෙන් කටබෝව් කෝන දඬුවම් පහරකින් පළමු ලකුණ රැස්‌ කරන ලද අතර දෙවැනි ගෝලය තරගය ගෙවී ගිය 68 වැනි මිනිත්තුවේදී මිරාකරිමෝව් විසින් වාර්තා කළේය

ඒ අනුව මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙනු ලබන දෙවැනි තරගය අද  සිංගප්පූරුව සමගින් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සඳහා රටවල් 8 ක්‌ ඒ සහ බී කාණ්‌ඩ යටතේ තරග වදිනු ලබන අතර එක්‌ කණ්‌ඩායමක්‌ ලබන 2018 වසරේ පැවැත්වෙන ලෝක ශූරතා හොකී තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග වදිනු ලබන බී කාණ්‌ඩයේ බංග්ලාදේශ පිල සෙසු ප්‍රතිවාදියා වන්නේය.

Comments

comments

SHARE