සංගාගේ සහ සීක්කුගේ උත්සහායන් අපතේ යයි

827
0

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප‍්‍රසන්න කී‍්‍රඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව චිතගොංග්හිදී  පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට රාජෂාහි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය රාජෂාහි කිංග්ස් කී‍්‍රඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය සපුරාගත්හ.

පළමු කඩුලූ දෙක ලකුණු 31 ක් තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මොමිනුල් හක් (56) සහ සමිත් පතේල් (75) රාජෂාහි කිංග්ස් කණ්ඩායමට ජයග‍්‍රහණයේ මාවත විවර කළහ.

පන්දු 39 කදී වාර්තා වූ සමිත් පතේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 42 කදී වාර්තා වූ මොමිනුල් හක්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඞ්වේන් බ‍්‍රාවෝ,  ඕවර 4 ක් යවා ලකුණු 35 ක් ලබාදෙමින් ජුනේඞ් සිද්දික් (4), උමාර් අක්මාල් (12), ඩැරන් සැමී (9) දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු කුමාර් සංගක්කාර පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 66 ක් රැස්කළේය.

මෙහෙදි මරුෆ් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, මොසද්දික් හුසේන් (13) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඩයිනමයිට්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ඩයිනමයිට්ස් ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 16 කදී නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 182

(මෙහෙදි මරුෆ් 35, කුමාර් සංගක්කාර 66, සීක්කුගේ ප‍්‍රසන්න නොදැවී 34, සකීබ් අල් හසන් නොදැවී 18, ෆර්හද් රාසා 22/2)

රාජෂාහි කිංග්ස් කණ්ඩායම –  ඕවර 19.5 කදී කඩුගලූ 7 ක් දැවී 184

(මොමිනුල් හක් 56, සමිත් පතේල් 75, ඞ්වේන් බ‍්‍රාවෝ 35/3, මොහොමඞ් ශහිඞ් 29

Comments

comments

SHARE