සුරංග ලක්මාල්ට දඩ

9180
0

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග  පැවැති තරගයේදී  ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේ.

ඒ අනුව අයි.සී.සී. ය තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සුරංගට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක්  එක් කිරීමටත් කටයුතු කර තිබේ.

තරගයේ දෙවැනි පන්දුවාරය තුළදී සුරංග ලක්මාල් තමාට ලැබුණ පන්දුව වේගයෙන් පිතිකරු අභිබවා කඩුලු රකින්නා වෙතට යොමු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය පනවා තිබේ.

Comments

comments

SHARE