ජාතික ශූරතා බිලියඩ් අවසන් තරගය අද

63
0

බිලියඩ් ජාතික ශූර සිරිසෝම තරගය අතරතුර දී ශ්‍රී ලංකා බිලියඩ් හා ස්නූකර් සංගමය 64 වැනි වරටත් සංවිධාන කරනු ලබන ජාතික බිලියඩ් ශූරතාවලියේ අවසන් මහ තරගය අද වරාය අධිකාරියේ කේ.එච්.සිරිසෝම සහ මුවර්ස් ක්‍රීඩා සමාජයේ එස්.එච්.එස්. අස්ලම් අතර ඔටර්ස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

ක්‍රීඩකයන් 32 ක් තරග වැදුණු මෙවර ජාතික බිලියඩ් ශූරතාවලියේ අවසන් තරග වටයේ ඊයේ ඔටර්ස් බිලියඩ් මේසයේ දී පැවැති අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා යුද හමුදවේ සුසන්ත වික්‍රම තරග වට 5-1කින් පරාජය කිරීමට පසුගිය වසරේ ශූරතාව දිනූ සිරිසෝම සමත්වූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ දී අස්ලම්ට නිතරග ජයක් හිමිවූයේ ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩක ගාල්ල බිලියඩ් ක්‍රීඩා සමාජයේ කේ.දේවපුර හදිසි අනතුරකට ලක්වීමෙන් තරගයට සහභාගී නොවූ බැවිනි. මේ තරගයට ක්‍රීඩා කිරීමට ගාල්ලේ සිට පැමිණෙමින් සිටියදී දේවපුර රිය අනතුරකට ලක්වීමෙන් රෝහල් ගතවී සිටි.

පසුගිය වසරේ බිලියඩ් ජාතික ශූරතාව දිනූ සිරිසෝම ජාතික බිලියඩ් ශූරතාව 24 වතාවක් දිනා සිටින අතර අද පැවැත්වෙන තරගයේදී සිය 25වැනි බිලියඩ් කිරුළ අත්පත් කරගැනීමට සහ සිය අපරාජිත කිරුළ රැක ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.

ඔහු ජාතික බිලියඩ් ශූරතාවලියේ වැඩිම වාර ගණනක් කුසලානය දිනා සිටින අතර හිටපු බිලියඩ් ශූර එම්. ජේ. එම්. ලාෆීර් 18 වරක් මේ ශූරතාවට හිමිකම් කීවේය. බිලියඩ් මේසයේ තවත් ප්‍රබල ක්‍රීඩකයකු වූ අභාවප්‍රාප්ත හෙන්රි බොතේජු 8 වතාවක් ජාතික බිලියඩ් ශූරයා වී තිබේ. ලාෆීර්ගේ පුත් ෆසාල් ලාෆීර් මෙවර තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී සිරිසෝම හමුවේ ලකුණු 3 – 0 ක් ලෙස පරාජය වීම කැපී පෙනෙන සිදුවීමකි.

Comments

comments

SHARE