මිස්බාට තරග තහනමක්

227
0

සංචාරක පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සමග ලබන සිකුරාදා හැමිල්ටන්හිදී ආරම්භ වන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සහභාගිවීම පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ට තහනම් වී තිබේ.

නවසීලන්තය කඩුලු 8 කින් ජයගනු ලැබූ ක්‍රයිස්‌චර්ච්හි පැවැති ටෙස්‌ට්‌ තරගයේදී පන්දු යෑවීමට නියමිතව තිබූ කාලයට වඩා වැඩි වේලාවක්‌ ඒ සඳහා ගත කිරීමේ වරද හේතුවෙන් මිස්‌බාට එරෙහිව අදාළ තරග තහනම පැනවීමට එම තරගයේ තීරකවරයා පියවර ගෙන තිබේ. එමෙන් අදාළ තරග තහනමට අමතරව ඔහුගේ තරග මුදලින් 40% ක මුදලක්‌ද සහ කණ්‌ඩායමේ සෙසු සගයින්ට 20% ක මුදලක්‌ද දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.

Comments

comments

SHARE