ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුද..? තීරණය අද

273
0
Zimbabwe's wicket keeper Peter Moor (R) shakes hands with West Indies batsman Shai Hope after Zimbabwe defeated West Indies during the third tri-nation One Day International (ODI) cricket match between Zimbabwe and West Indies at Queens Sports Club in Bulawayo on November 19, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගයට සඳහා සුදුසුකම් ලැබීමට අද  සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තීරණාත්මක ජයක්‌ උරගා බැලීමට බුලවායෝ ක්‍රීඩාංගණයට පිවිසෙති. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00 ට  ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පළමු වටයේදී පැවැති තරගය ලකුණු සමවීමෙන් අවසන්වීම හේතුවෙන් දෙපිලට ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවිය. සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් සිම්බාබ්වේට තවත් ප්‍රසාද ලකුණු දෙකක්‌ එකතුවීම හේතුවෙන් ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු හතරක්‌ ලබා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌ තරගයක්‌ ජය ගනිමින් සමග සිම්බාබ්වේ සමග පැවැති තරගය පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු හතක්‌ ලබා තිබේ. අද තරගය ජය ගතහොත් සිම්බාබ්වේට අවසන් තරගයට ගැටලුවකින් තොරව පිවිසිය හැකි අතර යම් හෙයකින් තරයේ තීරණයක්‌ ලබා ගැනීමට නොහැකිව අතහැර දැමුවොත් දෙපිලට ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවන බැවින් බටහිර ඉන්දීය කොදෙව්වන් වාසනාවේ මහිමයෙන් ශ්‍රී ලංකාව සමග 27 වැනිදා අවසන් සටනට පිවිසෙයි.

කෙසේ වෙතත් මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර කොදෙව් පිතිකරු එවින් ලෙවිස්‌ (193) සහ ෂායි හෝප් (174) පෙරමුණේ පසුවේ. ඔවුන්ගේ රිද්මය යළිත් කොදෙව්වන්ව ඔසවා තැබුවහොත් ජග්‍රහණය ලබා ගැනීම අසීරු කරුණක්‌ නොවනු ඇත. නමුත් සිම්බාබ්වේ පිතිකරු අංශයේ කොඳුනාරටිය බවට පත්ව සිටින ක්‍රෙග් එවින් (115) ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර ෂිකන්දර් රාසා සහ නායක ක්‍රීමර්ද කොදෙව්වන්ගේ ප්‍රධාන ඉලක්‌කයක්‌ බවට පත්ව තිබේ.

Comments

comments

SHARE