ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී.යෙන් දඩ කයි

920
0

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති එක්‌දින ක්‍රිකට්‌ තරගයේ නියමිත වේලාවට වඩා විනාඩි කිහිපයක්‌ වැය කරමින් පන්දුවාර යෑවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක උපුල් තරංගට සහ කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන්ට දඩ ගැසීමට තරග තීරක ජවහල් ශ්‍රීනාත් තීරණය කොට තිබේ.

ඒ අනූව නායක උපුල් තරංගගේ තරග මුදලින් 40% ක්‌ද කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන්ගේ තරග ගාස්‌තුවෙන් 20% කද දඩයක්‌ නියමකර තිබේ. ක්‍රිකට්‌ නීතියේ 2.5.1 යටතේ මෙම දඩ මුදල නියම කර ඇත.

Comments

comments

SHARE