ශ්‍රී ලංකාවේ පලමු අභියෝගය පාකිස්තානය

60
0

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 27 වැනිදා පාකිස්තාන කාන්තා කණ්ඩායම සමගින් තායිලන්තයේ බැංකොක් හිදී පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු පවසා සිටියේ කණ්ඩායමේ වෙනස් කම් කිරීමට සිදුවන බවයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය T20 තරගාවලියක් ලෙසින් පැවැත්වේ.

පාකිස්තානයට අමතරව ඉන්දියාව, බංගලාදේශය, නේපාලය සහ තායිලන්තය යන රටවල් සමගින් මූලික වටයේදී තරග වැදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවනු ඇත.

මෙම මස 26 වැනිදා ආරම්භවන තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් පහ සමගින් තරග වැදිය යුතුය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිති.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය

හසිනි පෙරේරා (නායිකාව), ප්‍රසාදිනි වීරක්කොඩි (උපනායිකාව), චමරි අතපත්තු, ශ්‍රිපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඩිලානී මනෝදරා, නිලක්ෂි සිල්වා, නිපුනි හංසිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, ඒෂානී ලොකුසූරිය, යසෝදා මෙන්ඩිස්, හංසිමා කරුණාරත්න, අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී.

තරග කාලසටහන

නොවැම්බර් 27     – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බැංකොක් හිදී

නොවැම්බර් 28     – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර බැංකොක් හිදී

නොවැම්බර් 30     – ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර බැංකොක් හිදී

දෙසැම්බර් 01      – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැංකොක් හිදී

දෙසැම්බර් 03      – ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර බැංකොක් හිදී

Comments

comments

SHARE