ක්‍රීඩා කෞශ්‍යලයන් සදහා ප්‍ර‍වේශය සහතික කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

34
0

ශ්‍රී ලංකා ධජය යටතේ හැදෙන දරුවන් තව වසර 8 කින් ඔලිම්පික් පදක්කමක් ගේන වැඩසටහන තමයි මේ ආරම්භ කළේ යැයි ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අමතමිණි.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ  අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන දොරට වඩින්න හැකිවීම පිළිබදව මා ඉතා සතුටට පත් වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය සාකච්ඡාවට ගණනාවක් පවත්වා ඉතා නිවැරදි තීන්දු තීරණ අරගෙන මෙම ක්‍රියාදාමය මේ තත්වෙට ගේන්න කැප වුන සියළුම නිළධාරීන්ට මම පළමුව ස්තූතිවන්ත වෙනවා.

අමාත්‍යාංශ 2 ක් එකතුවෙලා සිදු කරන වැඩපිළිවෙලකදී අමාත්‍යවරු ඇතුළු නිළධාරීන් අතර ඇතිවෙන විවිධ විචිකිච්ඡා සියල්ල නිරාකරණය කරගෙන රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සභා ක්‍රීඩා අමාත්‍යවරු ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළධාරීන්   සියළුම දෙනා අත්වැල බැද ගැනීම අපිට අද ඉතා ඉහළින් සතුටු වෙන්න පුළුවන් කාරණයක්.

ලංකාවේ පළමු වතාවට පටන් ගන්න මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ‘‘අධිෂ්ඨාන“ නමින් අද එළි දක්වනවා.  ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ 7 ශ්‍රේණියේ සියළු සිසු දරුවන් 375,000 ක් පමණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට හා මානව දේහ ලක්ෂණ පරීක්ෂණයකට ලක් කරලා එයින් තෝරා ගනු ලබන 75,000 ක සිසු දරුවන් ලංකාවේ අධ්‍යාපන කොට්ඨාශ 312 ක දී පිහිටුවනු ලබන පුහුණු මධ්‍යස්ථාන සදහා යොමුකර වසරක ශාරීරික යෝග්‍යතා සංවර්ධන පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක කරවනවා. එම පාඨමාලාවෙන් පසු විශේෂ පරීක්ෂණයක් මගින් ක්‍රීඩාවට අවශ්‍ය දරුවන් 1000 ක් තෝරාගෙන ප්‍රධාන ක්‍රීඩා 10 ක් සදහා විශේෂිත වූ පරීක්ෂණයකට යොමු කර එයින් සමත් වන දරුවන් විද්‍යානුකූල පසුබිමක් යටතේ දීර්ඝ කාලීන ක්‍රමවත් පුහුණු සැළැස්මකට ඒ ඒ ක්‍රීඩාවලට ගැලපෙන අංග සම්පූර්ණ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන  පළාත් 09 තුල ඇති කරලා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම අපගේ අරමුණ වෙනවා.

මම විශ්වාස කරනවා අද අපේ රටේ හොද පෝෂණයක් හා නිසි පුහුණුවක් ඇතුව හැදුවොත් අඩි 6 ක් උස ක්‍රීඩාවට උචිත දරුවෙක් බිහිකරගන් අපහසු වෙන්නේ නෑ. ආදරණීය විදුහල්පතිතුමන්ලා, ක්‍රීඩා උපදේශක ගුරු මහත්ම මහත්මීන් මේ පිළිබදව උනන්දු වෙන්න. ඒ පිළිබදව වගකීම මම මේ වෙලාවේ ඔවුන්ට භාරදෙනවා.

මම බලාපොරොත්තු වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම හා ආශිර්වාදය ඇතුව අනාගතයේදී ගැසට් නිවේදනයක් මගින් ලංකාවේ ඉන්න සියළුම පුහුණු කරුවන් එක ආයතනයකට ගේන්න. ඒ වගේම ක්‍රීඩා විනිසුරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ආයතනයක් සදහා යොමු කර ශ්‍රේණි අනුව  වර්ග කරන්න අවශ්‍ය කටයුතු කරනවා.

අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු වර්ථමාන රජය විසින් මෙම ජාතික වැඩසටහන සදහා මෙම වසරේ මිලියන 1000 ක මුදලකුත් මේ අය වැයෙන් ලබන වසර සදහා රුපියල් මිලියන 1750 ක මුදලකුත් ලබා දීලා තිබෙනවා. අපි ඉදිරියේදී නොසිටියත් මෙම ජාතික වැඩසටහන වසර 8 ක් සදහා නොකඩවා ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව මම කියන්න කැමතියි.

ක්‍රීඩාව තුලින් ජාත්‍යන්තරය ජය ගැනීමට ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්න ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන සදහා ඉතා උනන්දුවෙන් කැපවීමෙන් අප හා අත්වැල් බැදගත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාට, එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට,පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ සුනිල් ජයවීර මහතාට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් මා සමග මෙම ජාතික කර්තව්‍ය සදහා කැප වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියළුම නිළධාරීන්ටද මම ස්තූතිය පල කරනවා.

Comments

comments

SHARE