ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

77
0
Muhammad Imran (2nd R) of Pakistan chases Dinesh Maduranga Don Abraham (R) of Sri Lanka during their field hockey match of the 2014 Asian Games in Incheon on September 20, 2014. AFP PHOTO / Ed Jones

කොං කොංහිදී පැවැත්වෙන ආසියානු හොකී සම්මේලනය කුසලාන (පිරිමි) හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. අවසන් පූර්ව තරගය සත්කාරක හොං කොං පිලට එරෙහිව කිංස්පාක් කෘත්‍රිම හොකී පිටියේදී අද පැවැත්වේ.

නිලන්ත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හොකී පිල පළමු වටයේදී ‘බී’ කාණ්ඩයේ ශූරයන් වෙමින් අවසන් පූර්ව වටයට පැමිණියේය. සිංගප්පූරුව එම කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්විය.

අපරාජිත බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් වූ අතර සත්කාරක හොං කොං පිල ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්ව සිටී.

පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සඳරුවන් ප්‍රියලංක සහ ශාමික ගුණවර්ධන ගෝල තුන බැගින්ද, ළහිරු වීරසූරිය ගෝල දෙකක්ද, රැස් කිරීමට සමත් වූහ. මධුවන්ත විජේසිංහ, අනුරාධ සුරේෂ්, ඉෂංක ජයසුන්දර සහ තරංග ගුණවර්ධන පළමු වටයේදී ගෝලය බැගින් වාර්තා කළහ

Comments

comments

SHARE