එංගලන්තය හිස ඔසවයි

254
0
England's batsman Jonathan Bairstow plays a shot as Indian wicketkeeper Parthiv Patel looks on during the first day of the third Test cricket match between India and England at the Punjab Cricket Association Stadium in Mohali on November 26, 2016. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මොහාලිහිදී ඊයේ ආරම්භ වූ තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක් තීරණය කළද, මුලූ ලකුණු සංඛ්‍යාව 32 ක් වන විට ආරම්භක පිතිකරු හසීබ් හමීඞ් ලකුණු 9 කට පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වීමත් සමග ආරම්භයේදීම එංගලන්තය තරමක පසුබෑමකට ලක්විය.

එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 19 ක් එක්වන විට දෙවැනි සහ තෙවැනි කඩුලූ ලෙස ජෝ රූට් ලකුණු 15 කටත්, ඇලිස්ටෙයාර් කුක් ලකුණු 27 කටත් දැවීයාමෙන් එංගලන්ත කණ්ඩායම පත්ව තිබූ පීඩනය තවත් වැඩි විය.

ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට රූට්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක පාර්තිව් පතේල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට කුක්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත්ව තිබිණ.

රූට්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මුයින් අලීටද වැඩිවේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ඉඩක් නොලැබුණ අතර මොහොමඞ් සාමිගේ පන්දුවක් හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ඔහු ලබා සිටියේ ලකුණු 16 ක් පමණි.

ලකුණු 87 කට කඩුලූ 4 ක් දැවී අසරණ තත්ත්වයකට පත්ව තිබූ එංගලන්ත ඉනිම ගොඩනැගීමේ වගකීම සිය කර මතට ගත් ජොනී බෙයාස්ට්‍රෝ (89), පස්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් ස්ටොක්ස් (29) සමග එක්ව ලකුණු 57 ක සම්බන්ධතාවක්ද, හයවැනි කඩුල්ල වෙනුවෙන් ජොස් බට්ලර් (43) සමග එක්ව ලකුණු 69 ක සම්බන්ධතාවක්ද පිහිටුවීමට සමත් විය.

මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඉතා ඉවසීමකින් යුතුව දුර්වල පන්දු තෝරා බේරාගෙන ලකුණු රැුස්කළ බෙයාස්ට්‍රෝ, සිය අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 6 ක් අන්තර්ගත කළේය. සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ලකුණු 11 ක් මෙපිටින් සිටියදී ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් බෙයාස්ට්‍රෝ ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

බෙයාස්ට්‍රෝ සමග එක්ව ගොඩනැගූ සම්බන්ධතා බිඳ දමමින් බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. ජදේජාගේ පන්දු හමුවේ පාර්තිව් පතේල්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ස්ටොක්ස් දැවීගිය අතර බට්ලර් දැවී ගියේ විරාත්  කෝලි අතට උඩ පන්දුවක් දෙමිනි.

දිනයේ අවසන් කඩුල්ල ලෙස හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබා සිටි කි‍්‍රස් වෝක්ස් පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වූ අතර යාදව්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල දැවටීමෙන් වෝක්ස්ගේ ඉනිම නිමාවිය.

එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 8 කට 268

(ඇලිස්ටෙයාර් කුක් 27, ජෝ රූට් 15, මුයින් අලී 16, ජොනී බෙයාස්ට්‍රෝ 89, බෙන් ස්ටොක්ස් 29, ජොස් බට්ලර් 43, කි‍්‍රස් වෝක්ස් 25, ජයන්ත් යාදව් 49/2, රවින්ද්‍ර ජදේජා 56/2, උමේෂ් යාදව් 58/2)

Comments

comments

SHARE