පලමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පරාජය

196
0
"MOHALI, INDIA - MARCH 20: Chamari Atapattu of Sri Lanka in action during the Women's ICC World Twenty20 India 2016 match between Sri Lanka and Ireland at the IS Bindra Stadium on March 20, 2016 in Mohali, India. (Photo by Jan Kruger-IDI/IDI via Getty Images)"

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත්විය. ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කාන්තා පිල ඕවර 18.2 කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පාකිස්තානු පිලේ ආරම්භක පිතිකාරිණිය වන ජවේරියා ඛාන් පන්දු 51 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් පාකිස්තාන කාන්තා පිලට ජය ගෙන ඒමට සමත්වූවාය. මුළු ලකුණු සංඛ්‍යාව 64 ක් වනවිටදී දෙවැනි කඩුල්ල දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නයින් අබිදි සමගින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 49 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට ජවේරියා ඛාන් තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුල්ල ලකුණු 4 දී බිඳ වැටුණ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 44 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට චමරි අතපත්තු සහ ඩිලානි මනෝදරා සමත් වූහ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් ව තිබියදී චමරි අතපත්තුගේ දැවීයාමත් සමගින් ඕවර 9.3 කදී කඩුලු පහක් දැවී ශ්‍රී ලංකා කාන්තා පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණී.

ලකුණු 31 ක් ලබාසිටි චමරි අතපත්තු සහ ලකුණු 24 ක් ලබාසිටි ඩිලානී මනෝදරාගේ කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා කාන්තා පිලේ ලකුණු වේගය අඩාල කිරීමට නහිදා ඛාන් සමත්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 112

(චමරි අතපත්තු 31, ඩිලානී මනෝදරා 24, ප්‍රසාදනී වීරක්කොඩි 21, නහිදා ඛාන් 17/2)

පාකිස්තාන කාන්තා කණ්ඩායම – ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 113

(ජවේරියා ඛාන් නොදැවී 56, නයින් අබිදි නොදැවී 28)

Comments

comments

SHARE