දිල්හාරට ශල්‍යකර්මයක්

751
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ශල්‍යකර්මයකට ලක්කර තිබෙනවා.

ඒ අමෙරිකාවේ පැවති T20 තරගාවලියකට සහභාගී වෙමින් සිටියදී.

එම තරගාවලිය අතරතුර ඔහුගේ දකුණු පාදය ආබාධයකට ලක්ව ඇති අතර පසුව පාදයේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

දිල්හාර එම තරගාවලිය තුලදී පිත්තෙන් සහ පන්දුවෙන් ඉහල දස්කම් දක්වා ඇති බව සදහන්.

තේරීම් කමිටුවෙන් සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් දිගින් දිගටම එල්ලවන කෙනෙහිලි කම් දරාගත නොහැකි බව පවසමින් දිල්හාර ලොකුහෙට්ටිගේ පසුගියදා ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා

Comments

comments

SHARE