අශ්වින් එංගලන්තය වනසයි

328
0
Indian captain Virat Kohli (R) gestures towards supporters after R. Ashwin (C) dismissed England batsman Ben Stocks on the third day of the third Test cricket match between India and England at The Punjab Cricket Association Stadium in Mohali on November 28, 2016. ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

පිට දග පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් කඩුලූ 3 ක් දවාගත් හෙයින් ලකුණු 78 කට කඩුලූ 4 ක් අහිමි කරගත් සංචාරක එංගලන්ත කණ්ඩායම මොහාලිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට අමාරුවේ වැටී සිටියේය. මුල් ඉනිමේදී ලකුණු 134 ක අවාසියකට මුහුණ දී සිටින එංගලන්තය කඩුලූ 6 ක් අතැතිව ඉන්දියාවට වඩා තවමත් ලකුණු 56 ක් පසුපසින් සිටී.
දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ජෝ රූට් ලකුණු 36 ක් ලබා සිටි අතර ගැරත් බැටී ලකුණු ලබා සිටියේ නැත.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එංගලන්තය පීඩනයට පත් කළ රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයේදී ලබාගත් ලකුණු 72 ත් සමගින් මේ වසරේදී ටෙස්ට් ලකුණු 500 සීමාව ඉක්මවා ගියේය. මේ වසරේදී දවාගත් කඩුලූ 59 ත් සමගින් 2016 වසරේදී ටෙස්ට් ලකුණු 500 සහ කඩුලූ 50 ඉක්මවූ එකම කී‍්‍රඩකයා බවට අශ්වින් වාර්තා පොතට එක්විය.

එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල මුලූ ලකුණු සංඛ්‍යාව 27 ක් වන විට බිඳ වැටිණ. ඒ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 12 ක් ලබා සිටි නායක ඇලිස්ටෙයාර් කුක් දැවීයාමෙනි.

එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 12 ක් එක්වන විට එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ලද දවාගැනීමට අෂ්වින් සමත් වූ අතර ජයන්ත් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් මොයින්  අලී ලකුණු 5 කට දැවී ගියේය.

ජෝ රූට් සමග එක්ව කෙමෙන් කෙමෙන් එංගලන්ත ඉනිම ගොඩගැනීමට ජොනී බෙයාස්ටෝ උත්සාහ කළද, එම උත්සාහය ව්‍යර්ථ කර දැමූ ජයන්ත් යාදව්, බෙයාස්ටෝගේ ඉනිම ලකුණු 15 කට සීමා කළේය. 5 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට ඉඩක් නොදුන් අෂ්වින්, එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩකයා ලකුණු 5 ක් පමණක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

දෙවන දිනය නිමා වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණ් 146 ක් එක් කරගත්තේය.

එහිදී සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට රවින්ද්‍ර ජදේජා (90) සමත් වූවද, මංගල ටෙස්ට් ශතකයට තවත් ලකුණු 10 ක් මෙපිටින් සිටියදී ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ කි‍්‍රස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ජදේජාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.

රවිචන්ද්‍රන් අෂ්වින් (72) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සමබන්ධතාවක් ගොඩනැගූ ජදේජා, ජයන්ත් යාදව් (55) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් එපිටට තල්ලූ කළේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ හදගැස්ම වැඩිකරමිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ බෙන් ස්ටොක්ස් ලකුණු 73 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කළ අතර ඔහුට අනගි සහයක් දුන් ආදිල් රෂීඞ් ලකුණු 118 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 283

(ඇලිස්ටෙයාර් කුක් 27, ජෝ රූට් 15, මුයින් අලී 16, ජොනී බෙයාස්ටෝ 89, බෙන් ස්ටෝක්ස් 29, ජොස් බට්ලර් 43, කි‍්‍රස් වෝක්ස් 25, මොහොමඞ් සාමි 63/3, ජයන්ත් යාදව් 49/2, උමේෂ් යාදව් 58/2, රවින්ද්‍ර ජදේජා 59/2)

ඉන්දියාව පළමු ඉනිම – සියලූ දෙනා දැවී 417

(මුරලි විජේ 12, පාර්තිව් පතේල් 42, චෙතේෂ්වර් පුජාරා 51, විරාට් කෝලි 62, රවිචන්ද්‍රන් අෂ්වින් 72, රවින්ද්‍ර ජදේජා 90, ජයන්ත් යාදව් 55, බෙන් ස්ටොක්ස් 73/5, ආදිල් රෂිඞ් 118/4)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලූ 4 ක් දැවී 78

(ජෝ රූට් නොදැවී 36, ජොනී බෙයාස්ටෝ 15, රවිචන්ද්‍ර අෂ්වින් 19/3)

Comments

comments

SHARE