ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පලමු ජය ලබයි

276
0
file photo

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවේ සිය පළමු ජයග්‍රහණය  වාර්තා කළේය. ඒ නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් ලබමිනි.

බැංකොක්හිදී පැවැති  තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 16.2ක් අවසනදී ලකුණු 23ට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නේපාල කණ්ඩායමේ පිතිකාරිනියන් 08 දෙනෙකුම කිසිදු ලකුණක් නොලබා දැවී යාම සුවිශේෂී වෙයි. ලකුණු 24ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 4.3කදී කඩුලු 02ක් දැවී ඉලක්කය සම්පූර්ණ කර ගත්හ.

Comments

comments

SHARE