ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

112
0
India cricketer Ravindra Jadeja (L) and captain Virat Kohli celebrate the dismissal of England batsman Jos Buttler on the fourth day of the third Test cricket match between India and England at The Punjab Cricket Association Stadium in Mohali on November 29, 2016. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- GETTYOUT

එංගලන්තය සහ ඉන්දියාව අතර මොහාලී හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබාගත් ඉන්දියාව තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඊයේ සමත්විය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ඉන්දියාව සමත්වූයේය.

ජයග්‍රහණය සදහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය. පාර්තීව් පටෙල් පන්දු 54 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කිරීමට සමත්වූයේය.

හසීඞ් හමීඞ් අර්ධ ශතකයක් (නොදැවී 59) ලබාගනිමින් කඩාවැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමට උත්සහ කළද අවසන් කඩුල්ල දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ඔවුන්ගේ දෙවැනි ඉනිම අවසන් කිරීමට රවින්ද්‍ර ජඬේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත්වූහ. අවසන් කඩුල්ල සදහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හසීඞ් හමීඞ් සහ ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූහ.

අටවැනි සහ නවවැනි කඩුලු ද්විත්වය මොහොමඞ් ශාමී විසින් දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව 195 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.

ජෝ රූට් සමගින් එක්වූ හසීඞ් හමීඞ් ඉනිම ගොඩනගමින් සිටින විටදී රවින්ද්‍ර ජඬේජා එවූ පන්දුවකට අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දෙමින් ජෝ රූට්ස් ලකුණු 78 කට දැවී ගියේය.

ජයන්ත් යාදව් ලකුණු 18 ක් ලබාසිටි ජොස් බට්ලර්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔහු දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 107 ලෙස සටහන්විය.

ඊයේ දින පළමු කඩුල්ල ලෙස ලකුණු ලබානොසිටී ගැරත් බැට්ටී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට රවින්ද්‍ර ජඬේජා සමත්විය.

තෙවැනි දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කර සිටි එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණී.

රවින්ද්‍ර ජඬේජා තරගයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්විය.

එංගලන්තය – පළමු ඉනිම – ඕවර 93.5 කදී සියලුදෙනා දැවී ලකුණු 283

ඉන්දියාව – පළමු ඉනිම – ඕවර 138.2 කදී සියලුදෙනා දැවී ලකුණු 417

එංගලන්තය – දෙවැනි ඉනිම – ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236

(ජෝ රූට් 78, හසීඞ් හමීඞ් නොදැවී 59, ක්‍රීස් වෝක්ස් 30, රවිචන්ද්‍රන් අශ්වින් 81/3, ජයන්ත් යාදව් 21/2, මොහොමඞ් ශාමී 37/2, රවින්ද්‍ර ජඬේජා 62/2)

ඉන්දියාව – දෙවැනි ඉනිම – ඕවර 20.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 104

(පාර්තීව් පටෙල් නොදැවී 67, චිතේෂ්වර් පුජාරා 25)

Comments

comments

SHARE