අක්‍රම්ගේ පුහුණු වැඩමුලුව හෙට

705
0

ලොව බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන හිටපු පාකිස්තානු නායක වසීම් අක්‍රම් මෙහෙයවන ක්‍රිකට් වැඩමුළුවක් හෙට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන වසීම් අක්‍රම් ශ්‍රී ලංකා ජාතික පෙළේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සඳහා මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අක්‍රම්ගේ පැමිණීම පිළිබඳව අදහස් දක්වන ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ වර්තමානයේ සිටින දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට නව අත්දැකීමක් ලබා ගැනීමට වසීම් අක්‍රම්ගේ මෙම පුහුණු කඳවුර ඉවහල් වන බවයි.

අක්‍රම් වැනි ක්‍රිකට් විශිෂ්ටයන් රැසක් ඉදිරියේදී වැඩමුළු පැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත්, මෙමගින් ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට සිය තත්ත්වය උසස්කර ගැනීමට අවස්ථාවක් ලබාදීම මෙහි අරමුණ බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පවසයි.

Comments

comments

SHARE