පාකිස්තානය හඩවා කිවියන් ජය පැන් බොයි

401
0

නවසීලන්තය සහ පාකිස්තානය අතර හැමිල්ටන්හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 138ක ජයක් ලැබූ නවසීලන්තය තරග දෙකකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 369ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 230ක් පමණි.

මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 271ක් ලබාගත් අතර පාකිස්තාන මුල් ඉනිම ලකුණු 216කට සීමා විය.

නවසීලන්තය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ට ලකුණු 313ක් ලබා අදාළ ඉලක්කය පාකිස්තානයට යොමු කළේය.
පාකිස්තාන මුල් ඉනිමේ කඩුලු 6ක්ද දෙවැනි ඉනිමේ කඩුලු 2ක්ද බිඳ දැමූ ටිම් සවුති තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු තත්ත්වය :-
නවසීලන්තය මුල් ඉනිම 271 යි

ජීත් රාවල් 55, බි.ජේ. වොට්ලින් නොදැවී 49, සොහෙල් ඛාන් 99/4, ඉම්රාන් ඛාන් 52/3, මොහොමඩ් අමීර් 59/2

පාකිස්තානය මුල් ඉනිම 216 යි

බාබර් අසාම් නොදැවී 90, සෆ්රාස්  නොදැවී 41, ටිම් සවුති 80/6, නීල් වැග්නර් 59/3

නවසීලන්තය දෙවැනි ඉනිම 313/5 යි

රොස් ටේලර් නොදැවී 102, ටොම් ‍ලේතම් 80, ඉම්රාන් ඛාන් 76/3

පාකිස්තානය දෙවැනි ඉනිම 230 යි

සමී අස්ලාම් 91, අසාර් අලී 58, නීල් වැග්නර් 57/3, ටිම් සවුති 60/2, මිචෙල් සැන්ට්නර්  49/2

Comments

comments

SHARE