විටෝරිට පන්දුව දමා ගසන බවට චෝදනා

10240
0
Zimbabwe bowler Brian Vitori (L) delivers the ball during the second and final International T20 cricket match between Pakistan and Zimbabwe at the Gaddafi Cricket Stadium in Lahore on May 24, 2015. AFP PHOTO / AAMIR QURESHI / AFP / AAMIR QURESHI

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගයේදී විනිසුරුවන්ගේ සැකයට තුඩුදෙන අයුරින් පන්දු යෑවූ සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයන් විටෝරිට පන්දු යෑවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණයකට දින 14 ක්‌ ඇතුළත සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය තීරණය කොට ඇත.

මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේදීද විටෝරි පන්දු යෑවීමේ ඉරියව්ව පිළිබඳව තහනමට ලක්‌ව පසුව ජුනි මාසයේදී යළිත් සිය ඉරියව්ව නිවැරදි කර ගත් අතර ඔහු වසරක්‌ ඇතුළත එකම චෝදනාවට හසුවු දෙවැනි අවස්‌ථාව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගයේ පළමු කඩුලු තුනම දවාගත්තේද විටෝරිය.

විටෝරි ටෙස්‌ට්‌ තරග හතරකදී කඩුලු 12 ක්‌ සහ එක්‌දින තරග 20 කදී කඩුලු 29 ක්‌ දවා ගෙන ඇත. අදාළ අවසන් තරගය විනිසුරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික රිචඩ් ඉලිගින්වර්ත් සහ සිම්බාබ්වේ ජාතික ජෙරමිනා මටිබිරි විසින් මෙම පන්දු යෑවීමේ ඉරියව්ව සැක සහිත බව දන්වා තිබේ.

Comments

comments

SHARE