ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වැඩි ගෞරව ඇන්ජෙලෝ මැතිව්ස්ට

767
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කල වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල වොට්ස් එජ් හිදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා.

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට අමතරව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වූ වසීම් අක්‍රම් ද එක්ව සිටියා.

පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුනා.

ඒ කාණ්ඩ 17ක් යටතේ.

සම්මාන පිරිනැමීම ආරම්භ කෙරුනේ වසරේ විනිසුරු සදහා සම්මාන පිරිනමමින්.

මෙවර එම සම්මානය දිනා ගත්තේ රුචිර පල්ලියගුරුගේ මහතායි.

The Island පුවත්පතේ ක්‍රීඩා කතෘ රෙක්ස් ක්ලෙමන්ටයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ජනමාධ්‍යවේදියා ලෙසින් සම්මාන දිනා ගත්තා.

අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයාට හිමි සම්මානය පිරිනැමුවා.

මේ වසරේ එම සම්මානය දිනා ගන්නට සමත්වුනේ හිටපු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සදහා සම්මාන පිරිනැමීම ඉන් අනතුරුව සිදුවූ අතර එම සම්මාන ලබා ගැනීම සදහා ඔවුන් කිසිවෙකුත් පැමිණ නැහැ.

ඒ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ දිනවල ආසියානු කාන්තා T 20තරගාවලියට සහබාගි වීම සදහා තායිලන්තයට ගොස් සිටින නිසා.

ශෂිකලා සිරිවර්ධන වසරේ තුන් ඉරියව් එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබුවත් ඇයටද මෙම අවස්ථාවට සහභාගිවීමට නොහැකිවුනා.

ඒ ඇය අබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

වසරේ එක්දින පන්දු යවන්නියට හිමි සම්මානය මෙවර දිනා ගත්තේ ඉනෝකා රණවීර.

චමරි අතපත්තු වසරේ එක්දින පිතිකාරියට හිමි සම්මානය දිනා ගත්තා.

චමරි මෙම සම්මානය නොකඩවා දිනා ගනු ලැබූ 5වන අවස්තාව මෙයයි.

පසුගිය වසරේ ජාත්‍යන්තර T20 පිටියේදී මෙරට ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා ඇගයීමේදී වසරේ T20 පිතිකරු ලෙස ටී එම් ඩිල්ශාන් සම්මාන දිනා ගත්තා.

සුපුරුදු පරිදි ලසිත් මාලිංග T20 පන්දු යවන්නාට හිමි සම්මනය තමන් සතුකර ගත්තා.

එක්දින ක්‍රිකට් පිටියේ දස්කම් සලකා බැලීමේදී මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ එක්දින පිතිකරු ලෙස සම්මාන දිනා ගන්නට සමත්වුනේ කුමාර් සංගක්කාරයි.

ලසිත් මාලිංග සිය දෙවන සම්මානය ලෙස එක්දින පන්දු යවන්නාට හිමි සම්මානය තමන් සතුකර ගත්තා.

වසරේ එක්දින තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට සමත්වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපනායක දිනේෂ් චන්දිමාල් වසරේ ටෙස්ට් පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තා.

ටෙස්ට් පන්දු යවන්නට හිමි සම්මානය දිනා ගත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

එක්දින පිටියේ සේම ටෙස්ට් පිටියේත් තුන් ඉරියව් දස්කම් සදහා සම්මාන දිනා ගන්නට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට්  සම්මාන උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙසින් ඇරයුම් ලබා සිටි වසීම් අක්‍රම්  අතින් වසරේ නැගී එන ක්‍රිකට්  තරුව සඳහා සම්මානය පිරිනැමුණු අතර එහි සාඩම්බර හිමිකරුවා බවට පත්වුණේ කුසල් මෙන්ඩිස්.

ක්‍රීඩා ලෝලීන්ගේ මනාපය අනුව තෝරා ගත් වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ටී එම් ඩිල්ශාන්

මෙවර සම්මාන උළෙලේ වටිනාම සම්මානය වුනේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ලද සම්මානයයි.

එය මෙවරත් දිනා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන අවස්තාව මෙයයි.

  • වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු – රුචිර පල්ලියගුරුගේ
  • වසරේ ක්‍රිකට් මාධ්‍යවේදියා – රෙක්ස් ක්ලෙමන්ටයින්
  • වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්වි ස්තර විචාරක – රසල් ආර්නල්ඩ්

කාන්තා ක්‍රිකට්

  • වසරේ කාන්තා එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන
  • වසරේ කාන්තා එක්දින පන්දු යවන්නිය – ඉනෝකා රණවීර
  • වසරේ කාන්තා එක්දින පිතිකාරිනිය – චමරි අතපත්තු

පන්දුවාර 20 ක්‍රිකට්

  • වසරේ පන්දුවාර 20 පිතිකරු – ටී. එම්. ඩිල්ශාන්
  • වසරේ පන්දුවාර 20 පන්දු යවන්නා – ලසිත් මාලිංග

එක්දින ක්‍රිකට්

  • වසරේ එක්දින ජාත්‍යන්තර පිතිකරු – කුමාර් සංගක්කාර
  • වසරේ එක්දින ජාත්‍යන්තර පන්දු යවන්නා – ලසිත් මාලිංග
  • වසරේ එක්දින ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

ටෙස්ට් ක්‍රිකට්

  • වසරේ ටෙස්ට් පිතිකරු – දිනේෂ් චන්දිමාල්
  • වසරේ ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්
  • වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

විශේෂ සම්මාන

  • වසරේ නැගී එන ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස්
  • ඩයලොග් ජනතාවගේ ක්‍රීඩකයා – ටී. එම්. ඩිල්ශාන්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

Comments

comments

SHARE