ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉහල පිළිගැනීමක්

1349
0

සිම්බාබ්වේ තරග සංචාරය කරමින් යලි මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ඒ ශ්‍රී ලංකා  ආයතනයේදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ සිම්බාබ්වේ තරග ජයග්‍රහණය පිළිබඳව සමස්ත ක්‍රීඩා ලෝලින්ම සතුටුවන බවයි.

සිම්බාබ්වේ සමග පැවති තරග දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

ඔහු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගත්තා.

අනතුරුව පැවති තුන්කොන් තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුණේ  නායකයෙකු සමගයි.

උපුල් තරංග නායකත්වය ලබා දුන් එම කණ්ඩායමටද නවකයින් රැසක්ඇ තුලත් වුනා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලියේ ශුරතාවද දිනා ගත්තා.

සමස්ත තරගාවලිය පිලිබඳ අදහස් දැක්වූ රංගන සහ තරංග පවසා සිටියේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් එකාවන්ව ක්‍රීඩා කිරීම තරග ජයග්‍රහණයට හේතුවූ බවයි.

Comments

comments

SHARE