හෆීස්ට පන්දු යවන්න අවසර

270
0

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැවැති වැරදි නිවැරදි කරගැනීමෙන් පසු කරන ලද පරීක්‍ෂණ වලින් අනතුරුව පාකිස්තාන ක‍්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානූකූළ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පිළිගෙන තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමට ඔහුට අවසර දී ඇතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව  නිවේදනය කළේය.

නොවැම්බර් මස 17 වැනිදා බි‍්‍රස්බේන්හී ජාතික ක‍්‍රිකට් ආයතනයේදී පැවැති පරීක්‍ෂණයකට මුහුණ දුන් මොහොමඞ් හෆීස්ගේ පිටදග පන්දු යැවීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිතී හා රෙගුලාසී අනූව වැලමිට අංශක 15 වේ සීමාවේ පවතින බවට සනාථවිය.

කෙසේ වෙතත් විනිසුරුවරුන්ට ඔහුගේ පන්දු යැවීම සැක කටයුතු ලෙස පෙනෙනවානම් ඡායාරූප සහ ඉරියව් වීඩියෝ පටය ලබාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව පවසමින් 2014 නොවැම්බර් මාසයේදී ඔහුගේ පන්දු යැවීම තහනම් කරන ලදි. 2015 අපේ‍්‍රල් මාසයේදී නැවතත් පන්දු යැවීමට ඔහුට අවසර ලැබුණි.

එසේ වුවත් 2015 ජූනී මාසයේදී ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගයේදී හෆීස්ගේ පන්දු යැවීම නැවතත් සැකයට පාත‍්‍ර වූ හෙයින් ඔහුගේ පන්දු යැවීම මාස 12 ක තහනමකට ලක් වූයේ මාස 24 ක් තුළ දෙවතාවක් නිතී විරෝධී පන්දු යැවීමක නිරතවීයැයි චෝදනා එල්ල වීමෙනි.

නැවත වතාවක් ඔහුට චෝදනා එල්ල උවහොත් අයි.සී.සී. පරීක්ෂණ ආයතනයකදී තම පන්දු යැවීමේ ඉරියව්ව තරවදුරටත් විශ්ලේෂණය කරගැනීමට හැකියාව ඇත

Comments

comments

SHARE