මැතිව්ස් තරග පාවා දුන්නාද

1476
0
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පවතී තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර දින මැතිව්ස්ට පැමිණි එක්තරා සුවිශේෂී දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ආයතනයට අනාවරණය කර ඇති මෙම ඇමතුම සහය පුහුණුකරුවෙකුගේ මිතුරෙකුගෙන් පැමිණි එකක් බවත් එකක් බවත් එහිදී මැතිව්ස් උපායශීලිව අන් ක්‍රීඩකයින් මගහැර විනාඩි 30ක් පමණ ඉහත ඇමතුමේ රැදී සිට ඇති බවත් සදහන්.
 කෙසේවෙතත් එම අවස්ථාවේදී ඔහුත් සමග සහය පුහුණුකරුද සිට ඇත.

තෙවෙනි ටෙස්ට් තරග පරාජයෙන් පසුවද සහය පුහුණුකරුවෙක් මැතිව්ස් වෙනුවෙන් පෙනිසිටමින් ඔහු රැකගැනීමට උත්සහදරන්නේ කුමන කරුණක් අරභයාද යන්න පිලිබදව මහත් සැකයක් නිර්මාණය වී ඇති අතර සංචාරය  නිමවා කණ්ඩායම දිවයිනට පැමිණි විගස මේ සියල්ල පිලිබදව දැඩි පරීක්ෂණයකට ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බවද විශ්වාසදායක ආරංචිමාර්ග තහවුරු කර ඇත.

SHARE