ප්‍රංශ පාපැදි කිරුල මහා බ්‍රිතාන්‍ය යේ ක්‍රිස් ෆෲම්ට…

54
0

 

මෑත ඉතිහාසයේ ප්‍රංශ පාපැදි කිරුළආරක්ෂා කරගත් පළමු ක්‍රීඩකයා බවට පත්වන්නට මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ෆෲම් සමත් වුනා. 2013 වසරේදීත් ප්‍රංශ පාපැදි සවාරියේ ශූරතාව දිනාගත් ෆෲම්, 2015 වසරේ දෙවන වරට හිමිකරගත් කිරුළ මේ වසරේදීත් 08ආරක්ෂා කරගත්තේ අදියර 21කින් යුක්ත වූ ලොව වඩාත්ම අවධානය දිනාගත් පාපැදි ඉසව්ව මිනිත්තු 4කටත් වැඩි වාසියක් සමග ජයගනිමින්.1995 වසරෙන් පසු කිසිදු ක්‍රීඩකයෙක් නොකඩවා වසර දෙකකදී ප්‍රංශ පාපැදි කිරුල හිමි කරගෙන නැහැ.

31 හැවිරිදි ෆෲම් මෙවර තරගයේ අදියර 21 අවසන් කරන්නට ගත කළ කාලය පැය 89යි මිනිත්තු 04යි තත්පර 48ක්.

 

05ප්‍රංශ පාපැදි සවාරියේ අනුශූරතාව ප්‍රංශයේ රොමේන් බාඩේටත්, 3වන ස්ථානය කොලොම්බියාවේ නයිරෝ කින්ටානාටත් හිමි වුණා.

 

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා ක්‍රීඩකයාට හිමි කොළ පැහැති ජර්සිය මෙවරත් දිනාගත්තේ ස්ලෝවැකියාවේ පීටර් සගාන්. ඔහු ප්‍රංශ පාපැදි සවාරියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ 5වන අවස්තාව මෙයයි.

 

පෝලන්තයේ රෆාල් මයිකා හොඳම කඳු තරණය සඳහා පිරිනැමෙන රතු-සුදු ජර්සියට හිම්කම් කීවා.01

Comments

comments

SHARE