පාසල් දැල්පන්දු ශූරියන් තේරීම මේ මස අගදී

69
0

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය එක්ව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග මේ මස 30 වැනිදා ආරම්භවනවා.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ මෙම තරගාවලිය දින 3 ක් පුරා ක්‍රියාත්මකවිමට නියමිතයි.

මෙවර තරගාවලිය සංවිධානය වන්නේ 25 වන වරටයි.

අදාළ තරගාවලියේ මූලික වටයේ තරග මධ්‍යස්ථාන 15 ක් කේන්ද්‍ර කරගනිමින් පැවති අතර ඒ සඳහා වයස් කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 360 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වුණා.

අවසන් වටයේ තරග ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු 13 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ වයස් ඛාණ්ඩයන් යටතේයි.

Comments

comments

SHARE