අවුරුදු 18න් පහල ආසියානු පාසල් සත් සාමාජික රග්බි පළඟ ශුරතාව ශ්‍රී ලංකාවට

68
0

අවුරුදු 18න් පහල ආසියානු පාසල් සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශුරතාව දිනාගන්නට නවීන්  හේනකංකානම්ගේ ගේ  නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ පළඟ ශුරතාව සදහා පැවති තරඟයේදී සිංගප්පුරු කණ්ඩායම ලකුණු 33 – 07ක් ලෙස පරාජය කරමින්.

ආරම්භයේ සිටම තරඟයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19-00ක් ලෙස  පළමු අර්ධය නිමාකලා.

නායක නවීන් හේනකංකානම්ගේ උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්තා.ඊට අමතරව  දිනුක් අමරසිංහ සහ හරිත් බණ්ඩාර උත්සාහක දිනුම බැගින් වාර්තා කලා.

තරඟාවලිය පුරා කැපිපෙනෙන දස්කම් දැක් වූ ශ්‍රී ලංකාවේ හරිත් බණ්ඩාර තරඟාවලියේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

මෙම තරඟාවලිය දින 3ක් පුරා පැවැත්වුනේ හොංකොං නුවර කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී.

Comments

comments

SHARE