කොදෙව්වන්ට මව්බිමේදී ඉන්දියාවෙන් ප්‍රහාරයක්

53
0
India's Ravichandran Ashwin bowls against West Indies' captain Jason Holder during day four of their first cricket Test match at the Sir Vivian Richards Stadium in North Sound, Antigua, Sunday, July 24, 2016. (AP Photo/Ricardo Mazalan)

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 92 කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

India's bowler Umesh Yadav, left, celebrates with captain Virat Kohli taking the wicket of West Indies' Kraigg Brathwaite during day three of their first cricket Test match at the Sir Vivian Richards Stadium in North Sound, Antigua, Saturday, July 23, 2016. (AP Photo/Ricardo Mazalan)

ඇන්ටිගුවාහි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

ඔවුන් සිය පළමු ඉනිම හමාර කළේ කඩුලු 8 කට ලකුණු 566 ක් ලබාගෙන සිටියදී.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි සිය 12 වන ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 200 ක් රැස් කළා.

ඔහු ටෙස්ට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.

මිනිත්තු 375 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කෝලි හතරේ පහර 24 කින් සිය ඉනිම සවිමත් කළා.

The India cricketer Virat Kohli walks off the field after day four of the cricket test match between West Indies and India July 24, 2016 at Sir Vivian Richards Stadium in St John's, Antigua. / AFP / DON EMMERT (Photo credit should read DON EMMERT/AFP/Getty Images)

පන්දු යවන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායමට එක්ව සිටින රවිචන්ද්‍රන් අශ්වින් සිය තුන්වන ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 113 ක් රැස් කළා.

කෝලි සහ අශ්වින් දෙදෙනා එක්ව 5 වන කඩුල්ලට ලකුණු 168 ක සබඳතාවක් ගොඩනැගුවා.

ශිකර් ධවාන් ලකුණු 84 යි.

ඊට අමතරව අමිත් මිශ්‍රා ලකුණු 53 ක් හා ව්රිද්හිමන් සහා ලකුණු 40 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී දේවේන්ද්‍ර බිෂෝ සහ ක්‍රේග් බ්‍රාත්වයිට් කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 243 ක් පමණයි.

India's bowler Ravichandran Ashwin center celebrates with teammates after he bowled out West Indies' Marlon Samuels during day four of their first cricket Test match at the Sir Vivian Richards Stadium in North Sound, Antigua, Sunday, July 24, 2016. (AP Photo/Ricardo Mazalan)

ක්‍රේග් බ්‍රාත්වයිට් ලකුණු 74 කින් සහ ශේන් ඩොව්රිච් නොදැවී ලකුණු 57 කින් කොදෙව් පළමු ඉනිම සවිමත් කළා.

පන්දු යැවීමේදී උමේෂ් යදාව් සහ මොහොමඩ් සමී කඩුලු 4 බැගින් බිද හෙළුවා.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා කොදෙව්වන්ට යළි පන්දුයට පහර දෙන්නට සිදුවුණා.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ දඟ පන්දුව හමුවේ අසරණ වුණු කොදෙව්වන් සිය දෙවන ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 231 ක් පමණයි.

කාලෝස් බ්‍රාත්වයිට් නොදැවී ලකුණු 51 ක් සහ මාලන් සැමුවෙල්ස් ලකුණු 50 ක් ලබාගත්තා.

West Indies Marlon Samuels bats during day four of the cricket test match between West Indies and India July 24, 2016 at Sir Vivian Richards Stadium in St John's, Antigua. / AFP / DON EMMERT (Photo credit should read DON EMMERT/AFP/Getty Images)

කොදෙව් දෙවන ඉනිම වැනසූ අශ්වින් කඩුලු 7 ක් බිඳ හෙළුවා.

ඔහු තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබුවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 3 වැනිදා කිංග්ස්ටන්හිදී ආරම්භවනවා.

India's Ravichandran Ashwin bowls against West Indies during day three of their first cricket Test match at the Sir Vivian Richards Stadium in North Sound, Antigua, Saturday, July 23, 2016. (AP Photo/Ricardo Mazalan)

Comments

comments

SHARE