හැමිල්ටන් පෙරමුණට පැමිණි හංගෙරියානු F1 තරගය

86
0

 

ලෝක ශුරතා ෆෝම්යුලා 01 තරගාවලියේ 11 වන අදියර ඊයේ පැවැත්වුනා හන්ගේරියවේදී.

හංගේරියානු ෆෝම්යුලා 01 තරගය ජයගන්නට සමත්වුනේ මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්.

වට 70කින් සමන්විත වූ තරගය අවසන් කරන්නට ඔහු ගටහ කල කාලය පය 1යි විනාඩි 40යි තත්පර 30යි දශම 115ක්.

හැමිල්ටන් හංගේරියානු ෆෝම්යුලා 01 තරගයක් නොකඩවා ජයගත් පස්වන අවස්ථාව මෙයයි.

ඔහු මේ වසරේ මෙතෙක් පැවති ෆෝම්යුලා 01 තරග එකොළහෙන් තරග පහක් ජයගෙන තිබෙනවා.

හංගේරියානු ෆෝම්යුලා 01  තරගයේ දෙවන ස්ථානය දිනාගත්තේ ජර්මනියේ නිකෝ රෝස්බර්ග්.

ඔස්ට්‍රලියාවේ ඩැනියෙල් රිකාර්ඩෝ ස්ථානය දින ගත්තා.

ලෝක ශුරතා ෆෝම්යුලා 01 තරගාවලියේ අදියර 11ක් අවසන් වනවිට ශුරතා ලකුණු සටහනේ පළමුවරට  ගන්නට ලුවිස් හැමිල්ටන් සමත්වුනා.

ඒ මෙතෙක් ශුරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවුණු ජර්මනියේ නිකෝ රෝස්බර්ග් දෙවන තැනට ඇද දමමින්.

මේ වනවිට හැමිල්ටන් ප්‍රසාද ලකුණු 192කට හිමිකම් කියන අතර රෝස්බර්ග් ලකුණු 186කට  කියනවා.

ලෝක ශුරතා ෆෝම්යුලා 01 තරගාවලියේ 12 වන අදියර ලබන 31ක් වනදා ජර්මනියේදී පැවැත්වීමට නියමිතයි.

දර්ශන අනුග්‍රහය F1

Comments

comments

SHARE