සංගක්කාරට සහ මහේලට මඩ ගහන්න සනත් ජයසූරිය සල්ලි විසිකරයි

1212
0

කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට මඩ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය, ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙළ නායකත්වය විනාශ කල අය බවට ෆේස්බුක් පිටු හරහා උපක්‍රමිකව සමාජගත කිරීම සඳහා සනත් ජයසූරිය විසින් හම්බන්තොට වීරකැටිය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට මාසිකව රුපියල් 50,000 බැගින් ගෙවීම් සිදුකර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව පිළිබඳව මේ වන විට සමාජජාල තුල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී. ෆේස්බුක් සමාජජාලයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙපිරිසක් අතර ඇතිවූ සංවාදයකදී මෙම අදහස් පල වී තිබේ.

2011 වසරේ සිට මෙලෙස සෑම මසකම රුපියල් 50,000 බැගින් අදාළ තරුණයාට මුදල් ලබාදී තිබෙන බවට එහිදී එක් පාර්ශවයක් විසින් චෝදනා කර තිබේ.

සමාජජාල තුල හුදකලා සිදුවීම් ලෙස මෙවැනි චෝදනා එල්ල වුවද ඒවා නොසලකා හැරීමට නොහැකි ගණයේ ප්‍රභල සිදුවීම්ය.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන අතර අද දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් පූර්ණ කාලීනව ඉවත් වී නැත. සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කල මෙහෙය ඉතා වැදගත් වන අතර පදනමකින් තොරව ඔහුගේ කීර්තිනාමයට හානිකර දෑ පළ කරන්නේ නම් එය කිසිසේත්ම අනුමත කල නොහැක.

SHARE