අපිට කියන්න බෑ බෝලර්ස්ලා නෑ කියලා – මැතිව්ස්

90
0

තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

කැන්ගරුවන් පූර්ණ තරගාවලියක් සඳහා මෙරටට පැමිණියේ 2013 වසරෙන් පසුවයි.

හෙට තරගයට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් අද දිනයේදී පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියන්ට එක්වුණා.

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින දැවැන්තම අභියෝගය වන්නේ සිය පන්දු යවන්නන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීමයි.

එය තවදුරටත් උග්‍ර කරමින් සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා ආබාධයන්ට ලක්ව තිබෙනවා.

සුරංග ලක්මාල්ට පළමු ටෙස්ට් තරගය අනිවාර්යයෙන්ම අහිමිව යන අතර, ධනංජය පළමු තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වන්නේ  උදෑසන සිදුකරන යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවයි.

ඒ අනුව නුවන් ප්‍රදීප් සමග වේග පන්දුව අත දැරීමේ වගකීම විශ්ව ප්‍රනාන්දුට හෝ අසිත ප්‍රනාන්දුට පැවරෙනු ඇති.

යම් හෙයකින් රංගන හේරත්ගේ සහයට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක් නොවුනහොත් ලක්ෂාන් සඳකැන්  ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

මේ අතර, අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් සොයා දීමේ වගකීම මෙරට පසුපෙළ පුහුණුකරුවන්ගේ උරමත රැදී ඇති බවයි.

Comments

comments

SHARE