එංගලන්ත ලයන්ස් හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත පරාජයක්

63
0

එංගලන්තයේ පැවති තුන්කොන් එක්දින තරගාවලිය කිසිදු ජයග්‍රහණයකින් තොරව 05අවසන් කරන්නට ශ්‍රී ලංකා A ණ්ඩායමට සිදුවුණා. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති අවසන් තරගය ශ්‍රී ලංකාව පරාජය වුනේ ලකුණු 140කින්.

පාකිස්තානු A කණ්ඩායම දෙවරක් සහ එංගලන්ත ලයන්ස් හමුවේ එක් තරගයක් පරාජය වී සිටි ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් තම අවසන් තරගයට එක්වුණේ කැන්ටබරි හී දී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එම තීරණයට උපරිම සාධාරණය ඉටුකළ ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් සහ බෙන් ඩකට් දෙවන කඩුල්ලට නොබිඳුණු ලකුණු 367ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුනා. ඒ ලයන්ස් ඉනිම ලකුණු 425ක් දක්වා ඔසවා තබමින්. බෙන් නොදැවී ලකුණු 220ක් ලබා ගත්තේ හතරේ පහර 29ක් සහ හයේ පහර 6ක් මගින්.
04
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 285ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක වාර්තා කළා. ජෝර්ජ් ගාර්ටන් කඩුළු 4ක් දවා ගත්තා.
02
එංගලන්ත ලයන්ස් –  425/1 (50)  බෙන් ඩකට් – 220*, ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් – 171*

ශ්‍රී ලංකා A  – සියල්ලන් දැවී – 285 (47.3)  ඇන්ජලෝ පෙරේරා – 69, නිරෝෂන් දික්වැල්ල –  60, ජෝර්ජ් ගාර්ටන් – 4/43, ලියම් ඩෝසන් – 2/41
01
මේ තරගාවලියේ සහභාගී වූ තරග 4ම ජයගත් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවුනා.

Comments

comments

SHARE