එංගලන්තය එකට එක කරයි

69
0

පකිස්ථානය සමග පළමු ටෙස්ට් තරගයෙන් ලද පරාජයේ අවමානය මකාගත් එංගලන්ත ක්‍රීඩකයින් දෙවන ටෙස්ට් තරගයෙන් පකිස්ථානය ලකුණු 330ක දැවැන්ත පරාජයකට ඇද දැමුවා.07

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයා දෙවරක් නොසිතම පන්දුවට පහර දීමට තීරණය කලා.

නමුත් එම තීරණයට අභියෝග කල පකිස්තානු පන්දු යවන්නන් මුළු ලකුණු තත්වය 25ක් වෙද්දී ලකුණු 10ක්  සිටි ඇලෙක්ස් හෙල්ස්   වුණා.

ආරම්බයේදීම එල්ලවුණු පීඩනය දරා ගනිමින් දෙවන කඩුල්ල සදහා විශිෂ්ට සම්බදතාවක් ගොඩනගන්නට කුක් සහ ජෝ රූට් වුණා.

ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 185ක් එක් කලේ පකිස්තානු පන්දුයවන්නන් වෙහෙසට පත්කරමින්.

කුක් සිය 29වන ටෙස්ට් ශතකය වර්තාකලා.

ඔහු  ගියේ ලකුණු 105කට.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ රූට් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ලෙස ලකුණු 254ක් ලබාගත්තා.

ඒ හතරේ පහර 27ක් සමගින්.03

එංගලන්ත පසුපෙළ සවිමත්කල වෝක්ස් සහ බෙයර්ස්ටෝ ලකුණු 58ක් බැගින් රැස්කළා.

පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 3ක් බිදහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පකිස්ථානුවන්ට සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 198ක් පමණයි.

මිස්බා උල් හක් ලකුණු 52ක් ලබාගත්තා.

ඊට අමතරව මසුඩ් සහ වහාබ් ලකුණු 39 බැගින් රැස්කළා.06

මෙම තරගාවලිය පුරාවට පකිස්තානු පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්වසිටින ක්‍රිස් වෝක්ස් කඩුලු 4ක් බිදහෙලුවා.

ලකුණු 381ක වාසියක් සමගින් එංගලන්තය සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදුන්නා.

ඔවුන් සිය දෙවන ඉනිම නතර කලේ එක් කඩුල්ලක් දැවී ලකුණු 173ක් ලබාගෙන සිටියදීයි.

කුක් නොදැවී ලකුණු 76ක් ලබාගත්තා.රූට් නොදැවී ලකුණු 71කක් රස කලා.

ඒ අනුව ජයග්‍රහණය සදහා පකිස්ථානයට ලකුණු 565ක අසීරු ඉලක්කයක් හිමිවුණා.

නමුත් ඔවුන්ට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 234ක් පමණයි.

මොහොමඩ් හෆිස් ලකුණු 42ක් සහ අසාද් සෆික් ලකුණු 39ක් රස කලා.

පන්දු යැවීමේදී ඇන්ඩර්සන්,අලී සහ වෝක්ස් කදුළු 3බැගින් දවා ගත්තා.

02

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ජෝ රූට්.

තරග 4කින් සමන්විතවන ටෙස්ට් තරගාවලිය මේවනවිට තරග එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙනවා.

එංගලන්තය සහ පකිස්තානය අතර 3වන ටෙස්ට් තරගය ලබන මස 3වනදා බර්මින්හැම් හිදී අරම්භවනවා.04
05

Comments

comments

SHARE