Home Cricket විනිසුරු බය කළ ටොම් කරන්ට තරග තහනමක් (video)

විනිසුරු බය කළ ටොම් කරන්ට තරග තහනමක් (video)

විනිසුරුවයකු බියගැන්වීමේ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට තරග 4ක තහනමක් පනවයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ තරගයකට පෙර ඇති වූ ආරවුලකදී විනිසුරු බියගැන්වීම හේතුවෙන් කරන්ට තරග තනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා

කෙසේ වෙතත් මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

හෝබාර්ට් හරිකෙන්ස් තරගයට පෙර පුහුණුවීම්වල නිරතව සිටියදී කරන් තරගයට භාවිතා කරන තණ තීරුව යොදා ගැනීමට උත්සහ ගත්තා.

කරන් තණ තීරුවේ කොටසක් හරහා දිව ගොස් ඇති අතර, විනිසුරුවරයකු ඔහුට එසේ නොකරන ලෙසට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් කරන් තවදුරටත් දිවයෑමේ අරමුණින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ඇති අතර, එහිදී විනිසුරුවරයා කඩුල්ල අසල රැඳී සිට ඇත්තේ කරන් තණ තීරුව හරහා ගමන් කිරීම වැළැක්වීම සඳහායි.

එහෙත් තණ තීරුවෙන් ඉවත් වන ලෙස විනිසුරුට සංඥා කර ඇති කරන් විනිසුරු සිටින දිශාවට දිව ආවා.

බිග් බෑෂ් තරග නීතියට අනුව තරගයට පෙර භාවිතා කරන තණ තීරුව පරික්ෂා කිරීමට අවසර හිමිවන්නේ කණ්ඩායම් නායකයාට සහ ප්‍රධාන පුහුණුකරුට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here